Sunday, January 13, 2019

සිංහරාජය දෙකඩ කරමින් මහා මාර්ගයක්,යුනෙස්කෝවෙන් අනතුරු ඇගවීම්..

SHARE

Loading...

සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආසන්නයේ ලංකාගම කැකුනඇල්ල මාර්ගය සංවර්ධනය කරන බව පවසමින් විශාල වන සංහාරයක් සිදු කරමින් ඇති බවට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය චෝදනා කරයි.
මේ හේතුවෙන් සිංහරාජ වනාන්තරය දෙකඩවීමේ අවදානමක්ද ඇති බව සංවිධානයේ ජාතික සංවිධායක වෑකදවල රාහුල හිමියන් සදහන් කරති.
මේ අතර යුනෙස්කෝ සංවිධානය විසින් පරිසර අමාත්‍යංශයට දන්වා ඇත්තේ සිංහරාජ වනාන්තරයේ සිදුවන ක‍්‍රියාවලිය ගැන විමර්ශනයක් සිදු කරන ලෙසයි.
අදාල විමර්ශණයෙන් පසු ඒ ගැන තම සංවිධානය දැනුවත් කරන්නැයිද යුනෙස්කෝ සංවිධානය දන්වා ඇත.
-lankasinhalanews



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: