Friday, January 18, 2019

"ක‍්‍රිකට් ක‍්‍රිඩකයෙක් කණ්ඩායමට දාන්න මටත් පගාව දෙන්න හැදුවා."- ක‍්‍රීඩා ඇමති හරීන්.

SHARE
Loading...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළු කිරීමට තමනටද අල්ලස් දීමට උත්සාහ කල බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
තමන් මේ පිලිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කලේ යයිද ඒ මහතා සදහන් කරයි.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ බීබීසී සේවය සමගින් සාකච්චාවකට එක්වෙමිනි.
මෙම සිදුවීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති අන්ත දූෂිත තත්ත්වයේ බරපතළකම පෙනෙන බවත් ඔහු කියා සිටී.
තමන් මෙම සිදුවීම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකක ප්‍රධානියාට පැමිණිලි කල විට එම නිලධාරියා ඔළුවේ අත ගසා ගත් බවත් ඇමතිවරයා තව දුරටත් සදහන් කලේය.
-lankasinhalanews




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: