Wednesday, January 23, 2019

ලිංගේන්ද්‍රිය කපා බිරිඳ මැරූ සැමියා එල්ලුම්ගස්‌.

SHARE
Loading...

හිසට හිරමනයෙන් පහර දී දැලිපිහියෙන් ලිංගේන්ද්‍රිය කපා තම බිරිඳ මරා දැමු පුද්ගලයකු එල්ලා මැරීමට රත්නපුර අංක 01 මහාධිකරණයේ විනිසුරු නවරත්න මාරසිංහ මහතා 22 දා නියෝග කළේය.
එසේ මරණ දණ්‌ඩනය නියම වූයේ බලන්ගොඩ පදිංචි තංගරාසු රාමචන්ද්‍රන් නමැති 45 හැවිරිදි අයකුටය.
2012 ඔක්‌තෝබර් මස 22 වැනිදා අපර බලන්ගොඩ වත්තේදී වෙල්ලසාමි පරමේශ්වරි නමැත්තිය මරා දැමුවේ යෑයි විත්තිකරු රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටියේය.
විත්තිකරු චෝදනාවට නිවැරදිකරු බව පවසන ලදුව නඩු විභාගය දීර්ඝ ලෙස පවත්වනු ලැබිණි. ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය උත්පල ආටිගල මහතා සාක්‍ෂි දෙමින් යටිකයේ තුවාල හේතු කොටගෙන කාන්තාව මිය ගොස්‌ ඇති බව සඳහන් කළේය.
ඇසු දුටු සාක්‍ෂි කිසිවක්‌ නොමැති වුවද පරිවේෂණීය සාක්‍ෂි පමණක්‌ පදනම් කරගෙන මෙහෙයවූ සාක්‍ෂි මත චෝදනාවේ සඳහන් වරද සිදුකළ පුද්ගලයා මිස අන්කිසිවකු නොවන බවට සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් මනා ලෙස ඔප්පු කර ඇති බව විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කරන අවස්‌ථාවේ පැවසීය.
මරණ දඬුවම නියම කිරීමට පෙර කීමට යමක්‌ තිබේ දැයි විනිසුරු විත්තිකරුගෙන් විමසූවිට ඔහු පැවසුවේ තමාට සිර දඬුවමක්‌ ලබා දෙන ලෙසය. රජයේ අධිනීතිඥ කනිෂ්ක රාජකරුණා මහතා පැමිණිල්ල මෙහෙය වීය.
රත්නපුර විශේෂ - තිලකසිරි දැලබණ්‌ඩාර
දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: