Thursday, January 17, 2019

ලක්‍ෂ 600 ක මත් කුඩු සමග ත‍්‍රිරෝද රියක් කඩුවෙලදී දැලේ.

SHARE
Loading...

රුපියල් ලක්‍ෂ හයසියයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් රැුගෙන ත‍්‍රිරෝද රථයක යමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කඩුවෙල කොතලාවල ප‍්‍රදේශයේදී ඊයේ (17)දා* අලූයම අත්අඩංගුවට ගෙන ඇත.
කඩුවෙල මාලබේ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු පනස් තුන්වන වියෙහි පසුවන අයෙකි. කිලෝග‍්‍රෑමය බැගින් වූ පැකට් පහක අසුරා තිබූ මෙම හෙරොයින් තොගය වෙනත් පුද්ගලයකුට ලබාදීමට රැුගෙන යමින් තිබූ බව ප‍්‍රශ්න කිරීමේදී සැකකරු පොලිසියට ප‍්‍රකාශ කර ඇත.
සැකකරුට අයත් මාලබේ පිහිටි නිවස පොලිසිය පරීක්‍ෂා කර ඇති අතර එහි හෙරොයින් තිබී නැත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දින කිහිපයක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් පසු එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය. මෙම ජාවාරම්කරුට හෙරොයින් තොගය ලැබුණු ආකාරය පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී ඇති අතර, ඒ ඔස්සේ තවත් ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
සැකකරු රැුඳවුම් නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන බව මත්ද්‍රව්‍ය නාශක අංශය කියා සිටියේය.
-දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: