Wednesday, January 23, 2019

පෙබරවාරි 4 නිදහස් දිනය නොවේ ජාතික දිනයලු

SHARE

මෙතෙක් කලක් භාවිත කල නිදහස් දින සැමරුම යන නාමය වෙනුවට එය ජාතික දින සැමරුම ලෙස සංශෝධනය කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් විෂයභාර අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.

එහිදී අදහස් දක්වමින්
අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත්  සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය අනුව, ජාතික දිනය (නැෂනල්) National Day යනුවෙන් ඇති බවත් එය Freedom Day යනුවෙන් හැඳින්වෙන්නේ නොමැති බව ද පැවසීය.

ඒ අනුව මෙවර දිනයට ජාතික දිනය ලෙස යෙදු බවත් ඒ පිළිබඳ කවුරුවත් විශාල ගැටළුවක් ඇති කර ගත යුතු නොවන බව ද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින පිළිබඳ සඳහනක් කර නොමැති බවත්, ඒ අනුව එයට ඇතුල් කර ඇත්තේ ජාතික දිනය යනුවෙන් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මාධ්‍යවේදීන් නිදහස් දිනයක් මින් පසු නැද්ද යන්න පිළිබඳ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ, “මට නම් නිදහස් දිනයක් ඇත.ඔබටත් තිබිය යුතුයි“ යනුවෙනි.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: