Tuesday, January 29, 2019

පළාත් සභා ඡන්දය මැයි 31 ට පෙර පැවැත්වීමට ජනපතිගෙන් යෝජනාවක්

SHARE

පළාත් සභා මැතිවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමේ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා
විසින් ඊයේ (29දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. සියලූම පළාත් සභාවල මැතිවරණය එකම දිනයක පැරණි අනුපාත ක‍්‍රමයට පැවැත්විය යුතු බවට ද එම යෝජනාවේ සඳහන්ව ඇතැයි ජනාධිපති ලේකම්
කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් කීවේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගෙන නැති අතර මීළඟ සතියේ කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡා කර අනුමත කරනු ඇතැයි ද ඉහත ප‍්‍රකාශකයා කීවේය. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

-කුෂාන් සුබසිංහ-


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: