Tuesday, January 29, 2019

සන්ලයිට් දැන්වීමෙන් ජනප්‍රියවුුන දෙවෙනි ඉනිමේ සහේලිගේ කතාව | Imasha Senevirathne

SHARE
සන්ලයිට් දැන්වීමෙන් ජනප්‍රියවුුන  
දෙවෙනි ඉනිමේ සහේලිගේ කතාව

වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන් රංගනයට පැමිණි ඉමාෂා සෙනෙවිරත්න හා හා පුරා කියා රංගනයෙන් දායක වු දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ සහේලිගේ චරිතය මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි. කලාවේ දිගු ගමනක් යා හැකි රංගන ශිල්පිනියක් ලෙස පෙරමග ලකුණු පෙන්වන ඇය හැකියාවන් රැසකින් පිරිපුන් රංගන ශිල්පිනියක ලෙසත් හැඳින්විය හැකියි. ඉමාෂා ඇගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදියට කියලා තිබුණා.

ඉමාෂා කියන්නද? සහෙලි කියන්නද? 
ඉමාෂා කියන්න. 

සහෙලි කියන්නෙ දෙවෙනි ඉනිමෙ මම රඟපාන චරිතයේ නම. ඒ වුණත් රසිකයන් අතර වැඩිපුර ජනප්‍රිය සහෙලි ? 
ඔව්. සහෙලි නම වගේම චූටි මැණිකෙගෙ නංගී කියලත් සමහරු කියනවා. බොහෝ දෙනෙක් කියනවා සහෙලි ගෙනාවේ සමල්කා ඉවත්වු නිසා කියලා මට ඒක කියන්න අමාරුයි. දෙවෙනි ඉනිම පිටපත් රචක සමන් එදිරිමුණි තමයි ඒක දන්නේ. 

අවසානයේ සහෙලි – අනුහස් එකතුවෙයිද? 
සහෙලි ගමෙන් කොළඹට ඇවිත් තවම මාස කිහිපයයි. ඉදිරියේදි සහෙලිත් චූටි මැණිකෙගෙ පාසලට යනවා. එතැනින් පස්සෙ මොනව වෙයිද කියා තවම කියන්න බැහැ. 

සහෙලිට කව්ද රඟ පාන්න ගුරු හරුකම් දෙන්නේ ?
දෙවෙනි ඉනිමෙ සියලුම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් උදවු කරනවා. විශේෂයෙන් රවීන් කණිෂ්ක, ප්‍රභාත් චතුරංග, දෙනුවන සේනාධි මතක්කළ යුතුයි.

ඉමාෂාගෙ ගම් පළාත පදිංචිය බදුල්ල. නමුත් මේ දවස්වල බදුල්ලේ සිට රූගත කිරීම්වලට එන්න අපහසු නිසා අතුරුගිරියට පදිංචියට ආවා. 

ඔබ රංගනයට එන්නෙ වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන්..? 
ඔව්. රූපවාහිනී දැන්වීම් නිරූපණයෙන් තමයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. එම දැන්වීම් අතරින් සිග්නල්, සන්ලයිට් දැන්වීම් ගොඩක් ජනප්‍රිය වුණා. 

බදුල්ලේ සිටිය ඔබ වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් වුණේ කොහොමද?
 මගේ මල්ලි සිනමා නිෂ්චල ඡායාරූප ශිල්පියෙක්. ඒ හැරුනාම ඔහු වෘත්තිමය ඡායාරූප ශිල්පියෙක් ලෙසත් සේවය කරනවා. ඔහු තමයි මාව වෙළෙඳ දැන්වීම් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙළේ.

ඉන් පසුව ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වෙනවා. ටෙලි නාට්‍ය කියලා ගොඩක් ටෙලිනාට්‍ය රඟ පෑ කෙනෙක් නෙමෙයි මම. මගේ පළමු ටෙලි නාට්‍ය දෙවෙනි ඉනිම. ටී. වී. දෙරණ නාළිකාවෙ පැවැත්වු සූර්ය මංගල්‍යයේ 2018 අවුරුදු කුමරිය ලෙස ජයග්‍රහණය කිරීමට හැකිවුණා. ඉන් පසුව දෙවෙනි ඉනිම අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්, නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස්, සහ දෙරණ සභාපතිතුමාගේ ආරාධනය මත දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සහෙලි චරිතය ලැබුණා. මීට පෙරත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රඟපාන්න අවස්ථාව ලැබුණත් භාර ගත්තේ නැහැ.නමුත් දෙවෙනි ඉනිම ආරම්භකළ කාලයේ සිටම මා ඉතා කැමැත්තෙන් නරඹපු ටෙලිනාට්‍යයක් නිසා ඒ වගේ එකකට ආරාධනා ලැබුණම සතුටින් භාර ගත්තා.

ඉමාෂා පාසල් කාලයේදීත් කලාවට සම්බන්ධ වී සිටියාද?
පාසලේ විෂය බාහිර වැඩවලදී කලාවට සම්බන්ධ නොයෙක් දේ කළත් විෂයයක් විදිහට කලාව හැදෑරුවේ නැහැ.මම පාසල් කීපයකටම ගියා. ඒ බදුල්ල විහාරමහාදේවි බාලිකාව, මහනුවර උසස් බාලිකා විද්‍යාලය සහ බදුල්ල මධ්‍යමහා විද්‍යාලය. 

උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන්.ඉමාෂා උපාධිධාරිණියක්..?
ඔව්. උසස් පෙළ ගණිත අංශයෙන් සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයට යන්න ලැබුණත් මට වානිජ අංශයෙන් උපාධිය හැදෑරීමට අවශ්‍යවුණා.ඒ නිසා විදෙස් විශ්ව විද්‍යාලයක (අයර්ලන්ත) විද්‍යාවේදී කළමනාකරණ ගෞරව විශේෂ උපාධිය ලබා ගත්තා.මේ වනවිට එහි පශ්චාද් උපාධිය හදාරනවා. ඒ සඳහා ලබන මාසයේ විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් හිටියත් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයට සම්බන්ධ වු නිසා යන්න ලැබෙන්නේ නැහැ.එම නිසා එම පශ්චාද් උපාධිය ලංකාවේ ආරම්භකළා.

පවුලේ අය ගැනත් කියමු නේද?
අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. තාත්තා ඉංජිනේරුවරයෙක්. අම්මා ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවය කරනවා. මල්ලී තිළිණ බෙන්. ඔහුත් මම වගේම ඡායාරූප ශිල්පියෙක් ලෙස කලාවට සම්බන්ධයි.

මෙතරම් හොඳින් ඉගෙනගත් ඔබ රඟපානවට දෙමවුපියන්ගේ අකැමැත්තක් නැද්ද?
මම මගේ අධ්‍යාපන වැඩ හොඳින් අවසන් කර මේ වෘත්තියට පිවිසුණු නිසා අම්මයි, තාත්තයි මුකුත් කියන්නෙ නැහැ. සමහර විට මම ඉගෙනුම කඩාකප්පල් කරගෙන රංගනයට ආවානම් ඒ අය මම රඟපානවට කැමැති වෙන එකක් නෑ. කොහොමටත් දීර්ඝකාලීනව ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසින් කලාව තුළ රැඳී සිටන්න අදහසක් නැහැ.වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් ලෙස ඉදිරියටත් වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඉමාෂා ළඟදීම රැකියාවකට යනවා කියන්නෙ ඇත්තක්ද?
එහෙම අදහසක් තියෙනවා. බොහෝ දුරට ලබන මාසෙ සිට රැකියාවකට යන්න හිතාගෙන ඉන්නවා.එය පෞද්ගලික අංශයේ රැකියාවක්.

පෙම්වතා ගැනත් කියමු?
තවම එහෙම කෙනෙක් නැහැ.අනාගත බලාපොරොත්තු. සිනමාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා.ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා. ඒ වගේම පශ්චාද් උපාධිය අවසන්කිරීමත් බලාපොරොත්තුවක්




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: