Sunday, December 16, 2018

යලිත් ජාතික ආණ්ඩුවකට ජනපති කැමති කරවාගන්න ශ‍්‍රීලනිප පිරිසක් කුමන්ත‍්‍රණයේ..

SHARE

Loading...

එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වී නැවතත් ජාතික ආණ්ඩුවක් කරගෙන යාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තා වෙයි.
මීට හේතුව වී ඇත්තේ මෙම පිරිස තනි තනිව එජාප ආණ්ඩුව හා එක් වුවහොත් ලබා දිය හැකි ඇමති ධුර ගණන කැබිනට් 06ක්ද ඇතුළුව 11ක් පමණක් බව දැනටමත් දන්වා තිබීමයි.
ශ‍්‍රීලනිප කණ්ඩායම විසින් යෝජනා කර ඇත්තේ තමන් සියළු දෙනා කලින් දරන ලද තනතුරු ඒ ආකාරයෙන් ලබා දෙන ලෙස වුවත් ජාතික ආණ්ඩුවක් නොවන තත්වයක් යටතේ එය කිසිසේතම සිදු කල නොහැකි බව එජාපය පාර්ශවයෙන් දන්වා තිබේ.
මේ තත්වය මත කෙසේ හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනාධිපතිවරයා එකග කරවා ගැනීමට ශ‍්‍රීලනිප කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.නැවත ජාතික ආන්ඩුවක් පිහිට වියයුතු බවට හමිබන්තොට දිස්ත්‍රික් හිටපු ශ්‍රිලනිප ඇමතිවරයෙක් දැඩි ස්ථාවරයක සිටිමින් මෙම මන්ත්‍රි කන්ඩායමට නායකත්වය දෙන අතර ඹහුගේ නිවසේ මෙ පිලිබදව සාකචිජා වට කිහිපයක්ම පැවැත්වී තිබෙ.
යම් හෙයකින් එම උත්සාහය අසාර්ථක වුවහොත් කිහිප දෙනෙකු පුද්ගලික තනි තනිව එජාප ආණ්ඩුව සමගින් එක්වීමට තීරණය කර ඇත.






SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: