Tuesday, December 11, 2018

පාස්පොට් නඩුව - ශෂී වීරවංශ අධිකරණය මගහරී

SHARE

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලීසිය ගොනුකර
ඇති නඩුවේ විභාගය
ජනවාරි මස පළවන දා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ  කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි නොමැත.
සැකකාරිය පෙනී නොසිටීම සම්බන්ධයෙන් මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි නිතිඥවරුන්ට නියම කළ මහේස්ත්‍රාත්වරිය වැඩිදුර විභාගය ජනවාරි මස පළවන දාට කල් තැබුවාය.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන්ද අවවාද කෙරුණි.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට රහස් පොලීසිය විසින්  ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: