Tuesday, November 27, 2018

දක්ෂතාවයට වටිනාකමක් නැත්නම් මම රඟපාන්නේ නෑ

SHARE
2018-11-26-ent-137
කූඹියෝ ටෙලිනාට්‍ය මාලාවේ රඟපෑමෙන් පසුව යුරේනි නොෂිකා ටෙලිනාට්‍ය චරිත සමග හමුවුණේ නැහැ. ඒත් මේ දිනවල ඇය රූපවාහිනී තිරයෙන් ආලින්දයට පැමිණෙන්න සූදානම්ව සිටින්නේ ස්වාධීන රූපවාහිනී සේවය ගෙන එන අන්තර් පාඨශාලීයීය දැණුම මිනුම තරග වැඩසටහනක නිවේදිකාව ලෙසය. එලෙසින් ඇය පැමිණෙන්නේ අලූත් පෙනුමක් සමගයි. මොකක්ද මේ අලූත් පෙනුම? යුරේනි සඳැල්ල හැඩ කළ මොහොතකි මේ.

යුරේනි ජීවිතේ අලූත් විස්තර මොනවාද?2018-11-26-ent-138
ඇත්තටම හොඳයි. පසුගිය දිනවල කාර්ය බහුල වෙලා හිටියා.

මොකක් හින්ද ද කාර්ය බහුල වුණේ?
2018 රියැලිටි වැඩසටහන් කළා. ඒ වගේම විවිධ ඉසව් වෙළෙඳ වැඩසටහන් ආදී දේ එක්ක කාර්ය බහුල වුණා. ඉතින් ඇත්තටම ඒ කාර්ය බහුලත්වය එක්ක මේ අවුරුද්ද හොඳටම සුබ අවුරුද්දක් වුණා.

මේ දිනවල ඔබගේ හැකියාවන් දැක ගත හැකි නිර්මාණ මොනවාද?
ස්වාධීන රුපවාහිනී සේවය ගෙන එන අන්තර් පාඨශාලීයීය තරගයක නිවේදනයට එක්ව සිටිනවා. ඒක වෙනස් අත්දැකීමක් වේවි මට.

‘කූඹියෝ’ එකෙන් පසුව රඟපෑවේ නැද්ද?
ටෙලිනාට්‍ය කීපයකටම ආරාධනා ලැබුණා. ඒත් බාර ගත්තේ නැහැ.

හේතුව?
සමහර ඒවයෙ පිටපත හොඳ වුණාට මූල්‍යමය ප‍්‍රශ්න තිබුණා. ඒත් නැත්නම් සමහර ඒවායේ පිටපතට මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ වගේ දේ නිසා ඒවා මඟ හැරුණා.

යුරේනි රංගනයේදී හරි ගණං වගේ?
කාලයක් තිස්සේ අපි ක්ෂේත‍්‍රයේ රැුඳී සිටිනවා. ඉතින් දක්ෂතාවය ගැන මට ප‍්‍රශ්නයක් නැහැ. මම හිතන විදියට දක්ෂතාවයට වටිනාකමක් ලබා දීම හොඳ දෙයක්. ඒකට සාධාරණ තක්සේරුවක් කරලා තියෙනවා. ඉතින් කැමති අය ඒ තක්සේරුවට අනුව මගේ දායකත්වය ලබා ගනිවී.

‘කූඹියෝ’ කවිජයගේ තවත් වැඩකට සූදානම් කියලත් ආරංචියි.
‘කූඹියෝ’ නාට්‍ය කණ්ඩායම එකතු වෙලා ෆිල්ම් එකක් කරන්න සූදානමින්. ඒකට සම්බන්ධ වීමට සූදානමින් සිටින්නේ.
යුරේනි එක පාරක් සාරි පොටේ එල්ලිලා ගියා. ඒ විදියට ගායනයෙන් සහ මියුසික් වීඩියෝ නිරූපණය නිසා ලැබුණු ප‍්‍රතිචාරවලට සමාජ ජාලා හරහා විවේචන පවා එල්ල වුණා. නමුත් ‘කූඹියෝ’ නිසා ඔබට වටිනාකමක් ලැබුණා නේද? අනිවාර්යයෙන්ම. කිඳුරංගනාවලින් පසුව ‘කූඹියෝ’ තමයි මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂයක් වුණේ. ජනප‍්‍රිය තලයේ සිටින විට සමහර අය හිතන්නේ අපට රඟපාන්න බැහැ කියලයි. යුරේනි නොෂිකා කියන කෙනාව සමාජය මනින විදි ඇති. හැබැයි යුරේනි සතුව මේ වගේ රංගන හැකියාවන් උකහා ගත හැකියි කියලා බොහෝ විට නොහිතනවා ඇති. බාහිරින් බලලා තමයි මිනිස්සු බොහෝ විට ලේබල් ගහන්නේ. සමහර විට මොන ජනප‍්‍රියත්වය නැතත් ගැමි වගේ මුහුණක් තිබෙන කෙනෙක් නම්, එයාට හොඳම රඟපාන්න පුළුවන් කියලා මනින සමාජයක් අපට තිබෙන්නේ.
ඒත් විශිෂ්ට නිර්මාණකරුවකට ඔහුට තිබෙන සූක්ෂම දැක්ම නිසා හැකියාවන් ඇති අය සොයා ගත හැකියි. ‘කූඹියෝ’ නිසා මුළු රටක් යුරේනිටත් යමක් කරන්න පුළුවන් කියලා හඳුනා ගත්තා. ඒක හරි වටිනවා.

ඇතුළාන්තය ගැන කතා කළොත්, ඇතුළාන්තයෙන් යුරේනි මොන වගේ කෙනෙක්ද?
හරිම සරල චරිතයක්. කිසිම මනුස්සයකුට බරක් නොවී, කරදරයක් නොවී, සුන්දරම සරලව ගෙවන්න තමයි කැමති.

ඒ වුණාට යුරේනි කියන්නේ කාර් පිස්සියක් කියලයි යාළුවෝ කියන්නෙ?
ඔව් ඒක ඇත්ත. රේසිං වගේ ස්පෝර්ට්ස් කාර්වලට තමයි ආස.

කාර් එකේ කූඹියෙක් වත් එනවට කැමතිත් නැහැල්ලූ නේද?
මට පිරිමි ළමයෙකුත් නැහැ, දරුවකුත් නැහැ. ඒ නිසා පිරිමි ළමයයි දරුවයි දෙන්නම තමයි මගේ කාර් එක.

පිරිමි ළමයෙක් කසාද බැන්දා නම් ඔය ඔක්කෝම සම්පූර්ණයිනෙ? ඇයි නැත්තේ? මේ දක්ෂ කෙල්ලට කොල්ලෙක් නැත්තේ ඇයි?
ඒකට හිත යන්නත් එපායැ. මාළිගාව හැදෙන්න හිත ගිය තැනනෙ. මොන හේතුවක් ද මන්ද මට තවම එහෙම හිත ගිහින් නැහැ. මෙච්චර කාලෙකට එහෙම වෙලා නැහැ.

ඔහොම ගිහින් යුරේනි වයසට ගියොත් ?
ගියදෙන්. විවාහය කියන්නෙ, එක අතකට කොල කෑල්ලකට අස්සන් කරලා වෙන දෙයක්නෙ. හරි කෙනෙක් හමු වුණාම ඒ අස්සන කරන්න පුළුවන් වේවි.

කොහොම වුණත් ලහි ලහියේ මුහුණේ වෙනසක් කර ගත්තේ, ජීවිතයේ වෙනසක් බලාපොරොත්තුව නේද? මොකක්ද මේ අලූත් වෙනස? ඒ නිසා හරිම සතුටින් ලූ ඉන්නෙත්?
ඇතුළාන්තයෙන්ම මම සතුටින් සිටින කෙනෙක්. සියයට දාහක් මේ ගෙවූ ජීවිතය මම තෘප්තිමත්. මගේ නළලත පෙනුම ඉතා ලොකුයි. කොණ්ඩා විලාසිතාව නළල උඩ හරි පළල්. ඒක වෙලාවකට මට ගෙන දුන්නෙ වදයක්. මම චරිත රංගනයකට ගියාම කොණ්ඩය සහ නළල ගැන හිතුවා. චරිතයට වඩා ඒක මට හරි වදයක් ගෙන දුන්නේ. ඒත් කිරුළපන ෘග්‍යගෂ ආයතනය ගැන දැනගත්තාම මම එතැනට ගිහින් අවශ්‍ය උපදෙස් ලබා ගත්තා. ඉතා ස්වාභාවික ප‍්‍රතිකර්ම ක‍්‍රමයකින් සෑහෙන පිරිසකට කොණ්ඩය වර්ධනයට එයාලා ප‍්‍රතිකර්ම කර තිබුණා. ඉතින් ඇත්තටම දැන් මම හරි සතුටින්. දැන් තමයි මට මුහුණ හරියට පෙනෙන්නේ.

විවේචන විචාර සියල්ල අතරේ යුරේනි කොතැන ද ඉන්නේ?
මාර තැනක ඉන්නේ කිව්වොත් හරි. ඒ විවේචන තමයි මාව ඒ තරමට ශක්තිමත් වුණේ. නිවීසැනසිල්ලේ මගේ වැඩ ටික කරගෙන ඉතා සතුටින් ජීවත් වෙනවා. මොනවා වුණත් මේ රටට මම හරි ආදරෙයි.

ඇත්තටම කියන්න, ඉදිරියේදී මොනවද වෙන්නේ?
වෙලාවට වෙන දේ වේවි. ඒ කිසි දෙයක් මාධ්‍යයට වසන් කරන්න බැහැනෙ. අපි බලමු.

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

2018-11-26-ent-1352018-11-26-ent-136 



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: