Loading...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඉතාමත් දැඩි සංවාදයක් එම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සිදුව ඇති බව වාර්තා වෙයි.
කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර පත් කරන්නේ කවුදැයි නමක් වශයෙන් නිශ්චිතව යෝජනා වී නැත.
මෙම සංවාදයේදී දැඩි අදහස් දැක්වීමට නිරතවෙමින් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පෙන්වා දී ඇත්තේ මේ තත්ත්වය යටතේ කිසිසේත්ම මැතිවරණයකට යා නොහැකි බවත් මැතිවරණයකට මුහුණ දෙන්නට දෙන්නේ නම් අනිවාර්යයෙන්ම නවක මුහුනක් ඉදිරිපත් කළ යුතු බවත්ය.
එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට පෙන්වා දී ඇත්තේ ඉදිරි මැතිවරණයකදී අගමැති අපේක්ෂකත්වය සහ පක්ෂ නායකත්වය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු වුවත් මේ මොහොතේදී බල හුවමාරුවක් වෙනුවෙන් ගැටුම් ඇති කරගෙන පොදු සතුරා අමතක නොකළ යුතු බවත්ය.
මේ අතර වාර්තා වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට මෙම සංක්‍රාන්ති මොහොතේ පක්ෂ නායකත්වය භාර නොගන්නැයි ඔහුගේ සමීපතයන් උපදෙස් දී ඇති බවකි.
තවත් පිරිසක් යෝජනා කර ඇත්තේ පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්කර අගමැතිවරයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සිටියද ප්‍රශ්නයක් නැති බවයි.
මේ අතර චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් විසින් යෝජනා කරන නායකත්ව මණ්ඩලයක් පිහිටුවීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ එතරම් ප්‍රසාදයක් නොමැති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.
-lankacnew
0 comments: