Wednesday, November 20, 2019

ජනපති ගේ මුල්ම විදේශ සංචාරයට 10කට අඩු පිරිසක්,ඥාතීන් මිතුරන් කිසිවෙකු නෑ,අවශ්‍ය අය පමණයි.

SHARE
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම මුල්ම නිල විදේශ සංචාරය ඉන්දියාවට සිදු කිරීමට යෝදාගෙන තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවක් අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ යෙදෙන්නේ එළැඹෙන 29දාය.
ඒ බව ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා ද සිය නිල ට්විටර් ගිණුම මගින් තහවුරු කර තිබේ.
මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දහයකට ආසන්න පිරිසක් පමණක් දූත පිරිස ලෙස සහභාගී වනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.
එම දූත පිරිස අතර උසස් රාජ්‍ය නිලධාරීන් ඇතුළු අවශ්‍ය පිරිසක් හැරුණු විට ඔහුගේ බිරිඳ හෝ කිසිම ඥාතියෙකු හිතවතෙකු එක් නොවනු ඇතැයිද වාර්තා වෙයි.
-lankacnews.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: