Loading...
දැනට විසුරුවා නැති පළාත් සභා 03 වන බස්නාහිර, දකුණ, ඌව පලාත් සභාද විසුරුවා හැර පළාත් සබා 09ම මැතිවරණය එකවර පවත්වන්නට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ සදහා වන විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් ජනාධිපතිවරයා විසින් මීලග කැබිනට් මණ්ඩලයකට ඉදිරිපත් කෙරෙනු ඇති බවද සදහන්ය.
ජනාධිපතිවරයා විදේශගතවීමට කලින් කැබිනට් පත‍්‍රිකාව සදහා අත්සන් තබා තිබූ බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටී.
ඉන් පසු පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්නට කටයුතු සූදානම් කෙරෙනු ඇති බවද සදහන්ය.
-lankasinhalanews.
0 comments: