Friday, January 11, 2019

පැපොල් පත්‍රිකාවල යුෂයෙන් ඩෙංගු මැඩීමේ ඖෂධයක්‌ මැලේසියානු විද්‍යාඥ පිරිසක්‌ සොයා ගනිති

SHARE

Loading...

මෙතෙක්‌ ස්‌ථිර බෙහෙත් වර්ගයක්‌ සොයාගෙන නොමැති ඩෙංගු රෝගය පාලනය කිරීමට හැකි බෙහෙතක්‌ පැපොල් පත්‍රිකාවල යුෂවල අඩංගු සංයෝගයක්‌ යොදාගෙන නිපදවිය හැකි බව මැලේසියානු විද්‍යාඥයන් පිරිසක්‌ විසින් අනාවරණය කර තිබේ.
මැලේසියා සරසවියේ නොටින්හැම් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් සිදුකරන ලද පර්යේෂණයකට අනුව පැපොල් පත්‍රිකාවල යුෂෙහි අන්තර්ගත zකාපේන්Z සංයෝගය උපයෝගී කරගෙන මෙම බෙහෙත් වර්ගය නිපදවා ඇති අතර ඒ හරහා ඩෙංගු රෝගය වැළඳුණු විටදී පහළ බසින රුධිර පට්‌ටිකා (ප්ලේට්‌ලට්‌ස්‌) ප්‍රමාණය වර්ධනය කර අභ්‍යන්තර රුධිර වහනය අඩු කිරීමට හැකි වන බව පර්යේෂණය මෙහෙයවූ නොටින්හැම් විශ්වවිද්‍යාලයේ සහායක මහාචාර්ය වෛද්‍ය චින්ග්ලිත් හී පවසයි.
මෙම බෙහෙත හරහා වසර 20 කට අධික කාලයක්‌ මුළුල්ලේ මැලේසියාව ඇතුළු සෙසු රටවල ඩෙංගු රෝගය නිසා මියයන ජීවිත බේරා ගත හැකි වන බව ඔහු කියයි.
zකාපේන්Z සංයෝගය පැපොල් පත්‍රිකාවල යුෂවලින් ලබා ගැනීමේ කාර්යයට මැලේසියාවේ ආහාර හා ඖෂධ පිළිබඳ විශ්වවිද්‍යාලයේ රසායන ඉංජිනේරු පිරිසක්‌ දායක වී සිටිති.
-Divaina



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: