කොළඹ පිට කොටුවේ දි පහර දීමකින් මිය ගිය බව පවසන තරුණයෙකුගේ මළ සිරුර අද ( 27 ) ඔහු පදිංචිව සිටි නිවස වෙත ගෙන එනු ලැබිය.
වයස අවුරුදු 22 ක් වු දිඹුල පහල කොටස, දිඹුල වත්ත ලිපිනයේ පදිංචි කුමාර ඩික්ෂන් නැමති අය මෙලෙස ඝාතනය වු බව පොලීසිය සඳහන් කරයි.
26 වන දා අළුයම 2.15ට පමණ පිටකොටුවේ පොලිස් වසමේ මධ්‍යම බස්නැවතුම්පල ඉදිරිපිට ඕල්කට් මාවතේ පදික වේදිකාවේ පලතුරු කඩයක වෙලදාමේයෙදී සිටිය දී මෙම පුද්ගලයා ඝාතනය විය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙක් ඊයේ(26) සවස 2.30 ට පමණ පොලිස් ස්ථාවයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 32 ක් වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, වයස අවුරුදු 30 ක් වු හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, වයස අවුරුදු 24 ක් වු කහවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් හා වයස අවුරුදු 31 ක් වු බෙයාවෙල් වත්ත්, තලවකැලේ පදිංචි පුද්ගලයකි.
අත්අඩංගුවට පත් සැකකරුවන් අද(27) අළුත් කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. පිටකොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. තරුණයාගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු හෙට (28) සිදු කිරිමට නියමිතයි.
Tuesday, November 27, 2018
SHARE
Author: Unknown verified_user
Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
0 comments: