ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය දරන්නට නොහැකි නම් එය වහාම වෙනත් පුද්ගලයෙක් වෙත බාර දෙන ලෙස ඉල්ලා සිටින බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්දදාස මහතා පවසයි.
අද ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයා රට පුරා අනාථ වී ගොස් ඇතැයිද ඔහු සදහන් කලේය. ‘1 ශ‍්‍රී ලංකා’ සංවිධානය විසින් කොලඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීවේය.
මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය දුන්නේ ශ‍්‍රීලනිපය ශක්තිමත් කිරීමට යයි කීවද රාජපක්‍ෂ මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම තුල පාක්‍ෂිකයා අන්ත අසරණ වී ඇති බවද එම මාධ්‍ය හමුව අමතමින් තවත් කිහිප දෙනෙකු අදහස් පල කලහ.
Tuesday, November 27, 2018
SHARE
Author: Unknown verified_user
Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
0 comments: