Friday, December 25, 2020

ප්‍රවේසමෙන් : බ්‍රිතාන්‍ය නව ප්‍රභේදයට වඩා වෙනස් වෛරස් ප්‍රභේදයක් නයිජීරියාවෙන් : New Variant Of Coronavirus

SHARE

නයිජිරීයාවෙන් ද තවත් නව කොරෝනා වෛරස ප්‍රභේදයක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මුල්ම කොරෝනා වෛරසයට අමතර අද වනවිට හඳුනාගෙන ඇති නව ප්‍රභේද සංඛ්‍යාව 3 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , එය දකුණු අප්‍රිකානු සහ බ්‍රිතාන්‍ය නව ප්‍රභේදයට වඩා වෙනස් බව මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බවයි.

මෙම ප්‍රභේදයත් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවමින් නිවේදනය කළේ ය.

මේ වනවිට නයිජීරියාවෙන් වාර්තා වන කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව 81,963 ක් වන අතර මරණ 1,242 ක් වාර්තා වෙයි.





SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: