Wednesday, October 21, 2020

එකිනෙක සම්බන්ධ නැති Covid19 ආසාදිතයන් හමුවෙනවා,සමාජගත වී නැතැයි කියන්න බෑ.[Video]

SHARE
 අද වන විට එකකට එකක් සම්බන්ධ නැති ලෙස කොරෝනා ආසාදිතයන් සුළු වශයෙන් වාර්තා වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් තත්වයක් තුල කොරෝනා වෛරසය සමාජ ගත වී නැතැයි තීරණය කල නොහැකි බවද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එමෙන්ම වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වසංගත රෝග විද්‍යා ඒකකය විනිවිදභාවයකින් නිකුත් කරන බවක් පෙනෙන්නට නැති බවත් ඔහු සඳහන් කළේය.

මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ නැති ආසාදිතයන් සැළකියුතු පිරිසක් මේ වන විටත් වාර්තා වී තිබේනම් දැනට ක්‍රියාත්මක වන පියවරයන් ප්‍රමාණවත් නොවන බවද ඔහු තවදුරටත් පැවසුවේය.

උපුටාගැනිම - Lankacnews.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: