Tuesday, July 7, 2020

"මා තෘප්තිමත් වෙන්නේ ජනතාවගේ දහඩිය සුවදටයි."- සජිත්

SHARE

මෙවර මැතිවරණයට තරඟ කරන පින්වන්තම අපේක්‍ෂක කණ්ඩායම සිටින්නේ තම කණ්ඩායමේ බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

රටේ ජාතික ධනය හොරා කා එම සල්ලි වලින් මැතිවරණය කරන කිසිවෙකු තම කණ්ඩායමේ නැතැයිද ඔහු පැවසීය.

අද වන විට අලුත්ම දීගයක් ඇතිවී තිබෙන බවත් එනම් පොහොට්ටුව සහ බැංකු හොරෙන් හොරුන්ද කසාද බැඳ ඇති බවත් ඔහු කියා සිටියේය.

ජනතාවගේ දහඩිය සුවඳ තමන්ට දැනෙන්න ඕනෑ බවත් තමනට සතුටක්, ආත්ම තෘප්තියක් ලැබෙන්නේ එවිට බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ බුලත්කොහුපිටියේදී පැවති ජන හමුවක් අමතමිනි.
-lankacnews.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: