Friday, May 22, 2020

මැතිවරණය පැවැත්විය හැකියි කීමෙන් විපක්‍ෂය කිපේ,අනිල් ජාසිංහ ඉලක්ක නර දැවැන්ත මඩ ප‍්‍රහාර.

SHARE
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉලක්ක කර මඩ අවලාද ප‍්‍රහාරයන් එල්ල කරන්නැයි විපක්ෂයේ ප්‍රබලයකු විසින් එම පාර්ශවයට හිතවාදී සමාජ ජාල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට දැනුම්දී තිබේ.

ඒ අනුව ජාසිංහ මහතා ඉලක්ක කරමින් සමාජ ජාලාවල විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.

මැතිවරණය පැවැත්වීමට හැකි තත්වයක් රට තුල පවතින බවටත් මැතිවරණ කොමිසම දින නියම කරන්නේ නම් ඊට අවශ්‍ය නිර්දේශ ලබා දීමට සූදානම් බවටත් ජාසිංහ මහතා විසින් සෞඛ්‍ය බලධාරියා වශයෙන් දැනුම් දී තිබීම මීට හේතුවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයාගේ එම දැනුම් දීම මත අධිකරණයේ පවරා ඇති නඩු සියල්ලටම දැඩි අවාසිදායක තත්ත්වයක් ඇතිවී තිබෙන බව ඔවුන්ගේ මතයයි.
-lankacnews.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

1 comment:

  1. වීරවංශගේ සී නිවුස් එකේ ගහන නිව්ස් එහෙම්පිටින්ම කොපි කරන එකට වඩා හොදයි කක්කුස්සි හෝදපං

    ReplyDelete