Thursday, April 9, 2020

12 හැවිරිදි දැරියට අතවර කළ සෙවනගල ප්‍රා. සභා මන්ත්‍රී ඇතුළු තුනක් අත්අඩංගුවට

SHARE
12 හැවිරිදි දැරියක් අතවරයට ලක්කර ප්‍රාදේශීය සභා මණ්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය පස්වනදා සෙවනගල කිරිඉබ්බන් ආර කැටගල් ආර ගම්මානයේ 12 හැවිරිදි මන්ද මානසික දැරියක් අතවරයට ලක් කල තණමල්විල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රණවීර ගම ආරච්චිගේ රණවීර නොහොත් තල අතු නාලක (පොදු ජන පෙරමුන),මහවැලි අදිකාරියේ රියදුරු මහතකු වන එච්.ඒ. ප්‍රියංග කුමාර නොහොත් චමින්ද, සහ එච්.ඒ ආනන්ද නොහොත් හින්නි මාමා නැමති අය ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ලක්මිනි විදාන ගමගේ මහත්මිය ඊයේ (08) නියෝග කරන ලදි.

සෙවනගල පොලීසිය විසින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා ඊයේ (08) අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරි පත් කරනු ලැබීය. මීට පෙර දිනෙක (07) මෙම සිද්ධියට අදාලව දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරනය වෙත ඉදිරි පත් කිරී මෙන් අනතුරුව ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. සිද්ධියට අදාල දැරිය හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සෙවනගල පොලීසිය මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි. 

සෙවනගල.එස්.කුට්ටපිටිය



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: