Friday, January 24, 2020

රස පරීක්ෂක නිසා රංජන් ගොඩ යන ලකුණු

SHARE
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂා කිරීම සඳහා ලබා දුන් හඬ පට අපැහැදිලි බව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ නිසා ලබාදුන් හඬපට වලින් කටහඬ සංසන්දනය කළ නොහැකි බවද ඒවායේ මුල් පිටපත ලබා දෙන ලෙසද එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පෙරේදා දිනයේ එහි කැඳවා කටහඬ සංසන්දනය කිරීමට නියමිතව තිබුණ ද ලබාදුන් හඬ පට වඩා පැහැදිලි තත්ත්වය නිසා එය පසුවට කල් දමන ලද බවයි.

කෙසේ නමුත් චෝදනා එල්ල වන විනිසුරුවන් විසින් මේ වන විටත් තමන් සහ රාමනායක මන්ත‍්‍රිවරයා අතර සිදුවූ දුරකතන සංවාද හඬපට සත්‍ය බව පිලිගෙන ඇත.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: