Tuesday, December 10, 2019

2020 මහමැතිවරණයට එජාපෙ එන්නේ රනිල්ගේ පක්ෂ නායකත්වයෙන්

SHARE
ඉදිරියේදී පැවැත්වෙන් 2020 මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ තරඟ වදින්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන්ම යැයි එම පක්ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

ඊයේ (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර පක්ෂ නායකත්වය හා එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක්ද පත්කර ඇතැයි එහිදී අකිල විරාජ් කාරියවසම් මහතා අනාවරණය කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අකිල විරාජ් කාරියවසම් මහතා පවසා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයට තව මාස කීපයක් ඇති බැවින් පක්ෂයක් ලෙස සියලු දෙනා එකතු වී එක් හඬකින් පක්ෂය ඉදිරියට ගෙන ගියහොත් පාර්ලිමේන්තුව තුළ 113ක් සැදිය හැකි බවය.

පක්ෂය තුළ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සියලු නායකයින් එකතු කරමින් ගමන් මාර්ගය ගොඩනඟමින් යන බවත් පවසන අකිල විරාජ් කාරියවසම් ලේකම් වරය පක්ෂයේ සියලු සාමාජිකයින් නියෝජනය කරමින් පක්ෂ නායකවරයා විසින් කමිටුවක්ද පත් කර ඇතැයිද සඳහන් කරයි.

එම කමිටුව මඟින් ඉදිරි මහ මැතිවරණය හා නායකත්වයන් ගැන සියලු තීරණ ගනු ලබන බවත් පක්ෂයේ ජයග්‍රහණය වෙන්වෙන් වැඩපිළිවෙලක් සකස් කර ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

මහමැතිවරණයට යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ එයට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා ඇත්තේ පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා හොබවන බවය.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: