Wednesday, November 20, 2019

අලූත් පක්ෂයක් පිහිටුවීමට එජාපයේ කණ්ඩායමක් සූදානමින්.

SHARE
පක්ෂ නායකත්වය සහ සෙසු තනතුරුවල වෙනසක් සිදුනොවන්නේ නම් අලූතින් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

ඒ, කොළඹ  පැවැති මාධ්‍ය හමුවකදීයි. 

එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් නව පක්ෂයක් පිහිටුවා ගැනීමේ සූදානමක් ඇති බවට නෙත් නිවුස් ඉකුත් දා පළමුවරට අනාවරණ කළා. 

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට වෙනස් දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදීමට ගන්නා උත්සහය අගය කරන බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මෙහිදී කියා සිටියා. 

හරීන් ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂයේ පවතින තනතුරුවල වෙනසක් සිදුනොවුනහොත් සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා දේශපාලනය කිරීමට සූදානම් නැතැයි තමා සමග පැවසූ බවයි. 
 -nethnews



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: