Friday, August 30, 2019

අපේ විනය හොයන්න කලින් වීරකුමාර 'සුදනා' වුණොත් හොඳයි - ඩිලාන් පෙරේරා

SHARE
ශ්‍රීලනිපයේ අපට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගන්නා බව රටට කියන වීරකුමාර දිසානායක නියෝජනය කරන්නේ කුමන පක්‌ෂය දැයි තමන්ට ප්‍රශ්නයක්‌ බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

අපට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගැනීමට පෙර වීරකුමාර මන්ත්‍රීවරයා ඔහු මීට පෙර නියෝජනය කළ ජාතික නිදහස්‌ පෙරමුණෙන් ඔහුට එල්ල වී ඇති විනය චෝදනාවලට පිළිතුරු ලබාදිය යුතුයි යෑයි ද ඩිලාන් පෙරේරා මහතා කීය.

පක්‌ෂයක්‌, පාටක්‌ නැති මන්ත්‍රීවරුන් තමන්ට විරුද්ධව මෙසේ ප්‍රකාශ කිරීම විහිළුවක්‌ බවත් තමන් පොහොට්‌ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමත් පොහොට්‌ටු වේදිකාවට නැඟීමත් වීරකුමාරට ප්‍රශ්නයක්‌ වෙන්නේ කෙසේදැයි ද යන්න ගැටලුවක්‌ බවත් මන්ත්‍රීවරයා කීවේය.

ශ්‍රීලනිපය මහ ලේකම් ද, එජනිස මහ ලේකම් ද ගෝඨාභය රාජපක්‌ෂ මහතා සමඟ සන්ධානගත වීමට සාකච්ඡා කරනවා නම් තමන් පොහොට්‌ටුවේ වේදිකාවට නැඟීම කුමන වරදක්‌ යටතට ගැනෙන්නේ දැයි ප්‍රශ්නයක්‌ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුqණේ සාමාජිකත්වය ලබා ගත් එස්‌.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බවට ශ්‍රීලනිප නව මාධ්‍ය ප්‍රකාශ වීරකුමාර දිසානායක මහතා පෙරේදා (29 වැනිදා) කර තිබූ ප්‍රකාශය පිළිබඳව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගෙන් දිවයින පුවත්ක පත කළ විමසීමකදී මේ බව පවසා ඇත.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: