Friday, August 2, 2019

හෙට සහ අනිද්දා රට පුරාම පොහොට්ටුවෙන් ඉ-කැන්වසින්.

SHARE
Loading...
ශ‍්‍රී ලංකාවේ පළමු වරට නූතන තාක්‍ෂණය භාවිත කරමින් සිදු කෙරෙන මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය (ඉ-කැන්වසින්* ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙට (03දා* සහ අනිද්දා (04දා* දිවයින පුරා ක‍්‍රියාත්මක කරයි.
ජනාධිපතිවරණයට පෙර සූදානමක් ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම දෙදින තුළ නූතන තාක්‍ෂණය සමග බද්ධ වූ මැතිවරණ ව්‍යාපාරයක් ඔස්සේ ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමට නියමිතය.
දිවයිනේ ග‍්‍රාමසේවා වසම් 12000 තුළම මෙම දින දෙක පුරා මේ වැඩසටහන ක‍්‍රියාත්මක කරන බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය ක‍්‍රියාත්මක කෙරෙන අතර ඉදිරි මැතිවරණයට අදාළ ප‍්‍රචාරක කටයුතු ද මෙම ක‍්‍රමය භාවිත කරමින් සිදු කිරීමට සැලසුම් කර ඇත.
-Divaina


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: