Sunday, June 16, 2019

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනමතය ගැනීමට ජනමතවිචාරණයක් පැවැත්වීමේ නීතිමය වලංගුබව.

SHARE
Loading...
1) විධායක ජනාධිපතිධූරය යනු ජනතා මතය අනුව මත මිස ඒකාධිපති ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය තනි අභිමතයට අනුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවන ධුරයක් නොවන බව ජනගත වීම.

2) ජනාධිපතිගේ තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මෙන් නොව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය අයත් ජනතාවගේ මතය අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සිදුවීමෙන් එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරවන්නක් හෙයින් ජාත්‍යන්තරව රටට සිදුවන පීඩන සමනය වීම.

3) ජනමතවිචාරණය යනු ව්‍යවස්ථාවේ 3 , 4 (අ) ව්‍යවස්ථාව සහ 86 ව්‍යවස්ථාව යටතේ ජනතාව සතු පරම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරවීමක් හෙයින් කිසිදු අධිකරණයකට හෝ වෙනත් ආයතනයකට ඒ පිළිබද ප්‍රශ්න කිරීමේ අධිකාරියක් නොලැබීම.

4) සිය තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත මැතිවරණයෙන් පසු නැවත පත්වන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වීමත් ජනමතවිචාරණයකින් ජනතා වරම ගෙන ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත බිහිවන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් වීමත් මගින් ඉදිරියේ පත්වන ආණ්ඩුව අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගන්නා ජාතික ආණ්ඩුවක් නොවීම.

5) පාර්ලිමේන්තුව විසුරුවීමට 70.1 ව්‍යවස්ථාවේ ඇති සීමාව නොතකා වසර 4½ක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට ඇති එකම අවස්ථාව 3, 4 සහ 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීමකින් පසු පාර්ලිමේන්තු විසුරුවීම පමණක් වීම.

6) ඉදිරියේ දුර්වල ආණ්ඩුවක් පත්වීමෙන් ජාත්‍යන්තරව හා දේශීයව රටට අහිතකර ප්‍රතිඵල අත්වීම මග හැරීම.

7) ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ඇමති මණ්ඩලය 46.1 ව්‍යවස්ථාව අනුව 30ට සීමා වීම.(ජාතික ආණ්ඩුවක් නොවීම)

8) ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබද ගැටළු මතු නොවීම.

9) විධායක ජනාධිපති ධූරය සම්බන්ධව ජනතාවගේ අප්‍රසාදය ඇති කරජනාධිපතිවරණය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණකාරීන්ට අපහසු වීම.

10) විධායක ජනාධිපතිධූරය යනු පාර්ලිමේන්තු උත්තරීතරත්වය සුරකින ආයතනයක් බවත් පාර්ලිමේන්තුව සම්බන්ධව තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත අනුව නොව ජනතාවගේ මතය අනුව බවට සමාජගත වීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම.

– නීතීඥ අරුණ ලක්සිරි උණවටුන


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: