Monday, May 20, 2019

ආණ්ඩුවත්-බදියුදීනුත් එකවර බේරා දෙන්න ජවිපෙ රටේම ඇස් වසා දැමූ වෙට්ටුව මෙන්න.

SHARE
Loading...

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ කඩිමුඩියේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ ආණ්ඩුවත් සහ දැනටමත් විශ්වාසභංගයක් ඉදිරිපත් වී ඇති රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයා රැකගැනීමටත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බදුයිදීන් ඇමතිවරයාට එරෙහිව දැනටමත් ආණ්ඩුව තුළ සිටින කතෝලික මන්ත‍්‍රීවරුන් හා අන්තවාදය ප්‍රතික්ෂේප කරන මැති ඇමතිවරුන් ගණනාවක් එකතු වී සිටින බවයි.

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග ගෙන ඒමෙන් සිදු වන්නේ එම සියලු දෙනා එක්ව බදියුදීන් අමතක කර නැවතත් ආණ්ඩුව රැක ගැනීම සඳහා කටයුතු කිරීම බවද මුසම්මිල් මහතා කියා සිටියේය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ මේ සිදුකර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවන් අනුව ආණ්ඩුව රැක ගැනීමට අවශ්‍ය මූලික පදනම දැමීම බවද ඔහු කියා සිටී.

මේ මොහොතේ රනිල් වික‍්‍රමසිංහ මහතාට ඇමති බදියුදීන් බේරා ගැනීමට වඩා ආණ්ඩුව බේරා ගැනීම පහසු බවත් අනුර දිසානායක මහතා දැනුවත්ව මේ කරමින් සිටින්නේ එම බහසුකම සැලසීම බවත් ඔහු තව දුරටත් පැවසීය.
-lankasinhalanews


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: