Wednesday, May 1, 2019

පාස්කු ඉරිදා බෝම්බ පිපිරවූ සියල්ලන්ගේ තොරතුරු ‘ඡායාරූප සමග ‘ ප්‍රසිද්ධ කෙරේ - ත්‍රස්තවාදීන්ගේ වත්කම් තහනම් කිරීමට යයි

SHARE
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 9 න් ජිවතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු මෙහිදී අණාවරණය කෙරුණා.

කෙසේ වෙතත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසනවා.

මෙම සැකකරුවන්ගේ සහෝදරයින්, බිරින්ඳැවරුන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරාගෙන මැරෙන ප‍්‍රහාර 8 ක් එල්ල කළ ත‍්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් තහනම් කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම ත‍්‍රස්වාදීන් කණ්ඩායම සතුව බැංකු ගිණුම්, කර්මාන්ත ශාලා, නිවාස, ඉඩකඩම් ඇතුලූ දේපළ රැසක තොරතුරු දැනට හෙළිව ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම දේපළ තහනම් කිරීමේ පරීක්ෂණ නෛතිය ප‍්‍රතිපාදන දෙකක් මත සිදුවන බවත් ත‍්‍රස්තවාදීන්ට මුදල් යැපයීම, මැඩපැවත්වීම් සම්මුතිය පනත සහ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ මෙම පරීක්ෂණ සිදුවන බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.







SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: