Monday, February 18, 2019

වසරකට පෙර සාදා නිමකළ හම්බන්තොට මහ රෝහල විවෘත නොකරන්නේ මන්ද?

SHARE
Loading...
හම්බන්තොට මහ රෝහල ඉදිකොට අවසන් කරන ලද්දේ මීට වසරකට පමණ පෙරය. එහෙත් එය මෙතෙක්‌ විවෘත නොකිරීම ගැටලුවක්‌ බව පළාත්වාසීහු කියති.
මෙය දකුණු පළාතේ විශාලතම රෝහල වන අතර රු. බිලියන 7 ක්‌ මේ සඳහා නෙදර්ලන්ත රජය මගින් වැයකොට ඇත.
ඇඳන් 900 කින් යුත් මෙම රෝහල තුළ දීර්ඝ කාලයක්‌ ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ පවුලේ අයට රෝහලෙහිම නැවතී සිටීමටද සියලුම පහසුකම් සලසා ඇත.
තට්‌ටු 10 කින් යුත් මෙම රෝහල අක්‌කර 10 ක භූමිභාගයක පිහිටුවා ඇත.
-දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: