Sunday, February 17, 2019

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

SHARE
Loading...

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට මෙතෙක් ලබා දුන් රුපියල් 175000 ක නිදහස් තැපැල් දීමනාව රුපියල් තුන් ලක්ෂ පනස් දහස දක්වා ඉහළ දමා ඇත.
පළාත් සභා මන්ත‍්‍රීවරයකු සඳහා මේ දක්වා ලබාදුන් රුපියල් විසිහතර දහසක නිදහස් තැපැල් දීමනාව රුපියල් 48000 දක්වා වැඩි කර ඇත.
මේ සඳහා වන අංක 2110/53 දරන අති විශේෂ ගැසට් නිවේදනය තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු ඇමැතිවරයා විසින් පසුගිය සිකුරාදා (15 දා* ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඇමැති මණ්ඩලයද ඒ සඳහා සිය අනුමැතිය ලබා දී ඇත.
අජිත් අලහකෝන්
දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: