Sunday, January 6, 2019

බෙලිඅත්ත දුම්රිය මග විවෘත කරන්න ආ ඇමති අර්ජුනට ජනතාව හූ කියති.[Photo]

SHARE
Loading...
මාතර සිට බෙලිඅත්ත දක්වා අලුතින් ඉදිකරන ලද දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ගමන සිදු කිරීම සඳහා අද පෙරවරුවේ පැමිණි ඇමති අර්ජුන රණතුංග මහත එහි රැස්ව සිටි ජනතාව විසින් හූ කියා ඇත.
විරෝධතාකරුවන්පවසා ඇත්තේ මෙම දුම්රිය මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකරන ලද්දක් නිසා අර්ජුන රණතුංග මහතා විසින් එය විවෘත කිරීම යෝග්‍ය නොවන බවයි.
මෙම විශේෂ දුම්රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූර සහ සහ ඔහුට සුබපැතුම් සවිකර තිබූ අතර විරෝධතාකරුවන් විසින් ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංගට එහි ගමන් කිරීමටද විරෝධය පල කර ඇත.
කෙසේ වෙතත් ඇමතිවරයා බෙලිඅත්තේ සිට මාතරට පැමිණ මාතරදී මාධ්‍ය වෙත අදහස් පල කලේය.
දුම්රිය මග දෙපස බොහෝ තැන්වල මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව රැගත් කොඩි බැනර් ඔසවා තිබින.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: