Tuesday, January 15, 2019

ව්‍යාපාරිකයෙක් පැහැර ගෙන යමින් සිටියදී ඉමදූවේදී කොටුවෙයි

SHARE
මෝටර් රථයකින් පැහැර ගෙන යමින් සිටි අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු  ඉමදුව පොලිස් මුර පොලේ නිලධාරින් විසින් ඊයේ (15)පස්වරුවේ අත් අඩංගුවට ගෙන අහංගම පොලිසිය වෙත බාරදි තිබේ.



පැහැරගෙන යාමට ලක්ව ඇත්තේ අහංගම නගරයේ ගමන් මළු ව්‍යාපාරිකයෙකුවු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අහංගම දෙස සිට පැමිණි මෝටර් රථයක් ඉමදුව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයට ඇතුලු කිරිමට උත්සාහකල අවස්ථාවේ එහි පොලිස් මුරපොලේ රාජකාරියේ සිටි නිලධාරින් විසින් සැකපිට මෝටර් රථය පරික්ෂා කිරිමේදි අනාවරණයවි ඇත්තේ පුද්ගලයෙකු
පැහැර ගෙන යමින් සිටින බවය.ඒ අනුව මෝටර් රථය සහ සැකකරුවන් තිදෙනාද පැහැරගැනිමට ලක්වු ව්‍යාපාරිකයාද අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අහංගම පොලිසියට බාරදි තිබේ.

පරිකෂණවලදි අනාවරණයවි ඇත්තේ මෙම පැහැරගැනිම මුදල් ආරවුලක් මත සිදුව ඇති බවය.ව්‍යාපාරිකයා හංවැල්ල ප්‍රදේශයේ සිටියදි සැකකරුවන් ඇතුලු තවත් අයගෙන් විශල ණය ලබාගෙන ඒවා පැහැර හැර අහංගම ප්‍රදේශයේ සැඟවි සිටියදි සැකකරුවන් පැමිණ මෙසේ පැහැර ගෙන යාමට උත්සාහ කර ඇති බවත් මෙම ව්‍යාපාරිකයාට විරුද්ධව හංවැල්ල පොලිසියේද පැමිණිලි තිබෙන බවත් අනාවරනයවි තිබේ.

එම පැමිණිලි අනුව ලක්ෂ අසුවකට වඩා ණය තිබෙන බවත් ඒවා ගෙවා ගැනිමට නොහැකිව  මෙසේ අහංගම නගරයට පැමිණ ගමන් මළු  වෙළඳසලක් පවත්වාගෙන යමින් සිටින බවට තොරතුරු ලැබිමෙන් පසු සැකකරුවන් පැමිණ පැහැරගෙන යමින් සිටි බවත් වැඩිදුරටත් අනාවරණයවි තිබේ.

අහංගම පොලිස් ස්ථානාධිපති උපුල් විරසේකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශණ අංශයේ  උප පොලිස් පරික්ෂක දර්ශණ නානායක්කාර මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පව්වා ගෙන යනු ලැබේ. සැකකරුවන් අද(16)ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

සුනෙත් ගාල්ලගේ


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: