Monday, January 28, 2019

ආණ්ඩුවේ එකම වුවමනාව කැබිනට්ටුව වැඩි කර ගැනීමයි- ජී. එල්

SHARE
රටේ ප‍්‍රශ්න මොන තරම් තිබුණත් ඒවා විසඳනවා වෙනුවට ආණ්ඩුවේ එකම වුවමනාව වී තිබෙන්නේ කැබිනට් මණ්ඩලය වැඩි කරගෙන වරදාන වරප‍්‍රසාද භූක්ති විඳීම පමණක් යැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

ඇමැති මණ්ඩලය වැඩි කර ගැනීමට තව දේශපාලන පක්ෂයක් සමඟ සම්මුතියකට එළැඹ ජාතික ආණ්ඩුවක් සෑදීමට සැලසුම් වී තිබුණත් ආණ්ඩුවට එසේ කිරීමේ හැකියාවක් නැතැයි ද’ හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

එක පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් එකතු වීමෙන් පමණක් ජාතික ආණ්ඩුවකට යා නොහැකි බව පැවසූ ඒ මහතා රටේ මොන ප‍්‍රශ්න තිබුණත් ඒවා විසඳීම පසෙකලා රජය මහන්සි වන්නේ කැබිනට් මණ්ඩලය වැඩි කර ගැනීම සඳහා පමණක් යැයි ද හෙතෙම කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (28 දා) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

අනුර බාලසූරිය



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: