Monday, January 7, 2019

භික්ෂූන්ට පරිපාලන තනතුරු දෙන්න එපා-ගුරු තනතුරු විතරක් ඇති-මල්වතු මහ නා හිමි

SHARE
"දෙදහස් හයසීයේ ශ්‍රී සම්බුද්ධ ජයන්තියෙන් පසු රටට වැඩක් කෙරෙන විධිමත් ආගමික උත්සවයක් පවත්වා නැහැ. ඒ නිසා එවැනි උත්සව පැවැත්වීමකදී හොඳින් සොයා බලා විධිමත් අයුරින් උත්සව පැවැත්වීම සුදුසු''
යැයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියෝ තමන්වහන්සේ බැහැදැකීමට පැමිණි බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා  මහතා හමුවේ පැවසුහ.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා  මහානායක හිමියන් හමුවේ කරුණු දක්වමින් එළඹෙන වෙසක් පුන් පොහෝ දිනට කුල දරුවන් 2600ක් සසුන් ගත කරවීමේ විශේෂ වැඩසටහනක් බුද්ධ ශාසන අමාත්‍යාංශය මුල්වී සිදු කරන බව දැනුම් දුන්නේය.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට අනුශාසනා කළ මල්වතු මහ
නා හිමියන් මෙසේද කීහ.

මේවන විට භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් සිවුරු හැර යනවා. ඒක බරපතළ ගැටලුවක් වී තිබෙනවා. වසරකට මල්වතු පාර්ශ්වයෙන් පමණක් 1000කට අධික පිරිසක් උපැවිදි වෙනවා. මෙයට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි.

පිරිවෙන් අධ්‍යාපනය ගත්තත්, ඒ තුළ ගිහියන් ඉන්නවා. එහි ගැටලුවක් තිබෙන්නේ වරප්‍රසාද ලබාගෙන පිරිවෙන් අධ්‍යාපනයට යොමු වී අධ්‍යපනය ලබාගත්තාට පසුව එය වෙනත් විදියකට භාවිතා කිරිමයි.

භික්ෂූන් වහන්සේලාට රජයේ රැකියා දීමේදී ගුරු වෘත්තියේ තනතුරු පමණක් දුන්නාට කමක් නැහැ. බෞද්ධ කටයුතු "සමායෝජක'' වැනි තනතුරු නොදිය යුතුයි. ඒක තුළින් ඒ අය පරිපාලන කටයුතු කරනවා. එක මහා සංඝරත්නයට ගැළපෙන්නන්  නැහැ.  එක් අවස්ථාවක ධීවර සංස්ථාවක රැකියාවකුත් භික්ෂූන් වහන්සේ නමකට දී තිබුණා. ඒ පිළිබඳව අප අදාළ අංශ වලින් විමසන අවිස්ථාවේදී රජය අපට දැක්වූයේ පරිගණක අනුසාරයෙන් පත්වීම්  දුන් බවයි.  පන්සල් වලට ආධාර ලැබෙන අවස්ථාවල දී ආර්ථික වශයෙන් ශක්තිමත්භාවයක් ඇති පන්සලට ආධාර වැඩි වැඩියෙන් ලැබෙනවා. වැසිකිළියක්වත් හදාගන්න බැරි පන්සල් තිබෙනවා. ඒවා ගැන නිසි පරිදි සොයා බලා නිසි ක්‍රමවේදයක් අනුව  පන්සලව ආධාර දීම කළ යුතුයි යැයි ද මහා නාහිමියෝ පැවසුහ.

මෙම අවස්ථාවට මහනුවර බෞද්ධ කටයුතු සහකාර කොමසාරිස්  පරාක්‍රම ජයවර්ධන මහතාද සහභාහි විය.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: