Wednesday, January 23, 2019

'ගෝඨා ජනාධිපතිවරනයට ඉල්ලුවොත් ගූ ගහන් පරාදයි,අපෙන් හොද අශ්වයෙක් සුදානමි.'-රාජිත

SHARE
Loading...

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා නව සන්ධානයක් බිහි කිරීම කඩිනමින් අවසන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ඉදිරි දෙසතිය තුල දී එහි වැඩකටයුතු අවසන් කිරීමට නියමිතය. දේශපාලන පක්ෂවලට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයින් ද මෙම පෙරමුණට ඒකාබද්ධ කිරීම සදහා සාකච්ඡා ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විමද්‍යගත ප්‍රතිපාදන මත ජා-ඇල ආසනයේ ක්‍රීඩා සමාජ සහ ස්වේඡ්ඡා සංවිධානවලට පුටු කට්ටල සහ සෙවිලි තහඩු පිරිනැමීමේ උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.
රාගම බැසිලිකා ක්‍රිඩාංගණය අසල මෙම උත්සවය පසුගියදා පැවැත්විනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේ දී පවත්වන්න පුළුවන්. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා නව පෙරමුණක් ගොඩනගනවා.ජනාධිපතිවරනයට ගෝඨාභය රාජපක්ශ ඉදිරිපත් උවහොත් අන්ත පරාජයකට ලක්වන බවත් එජාපෙ ජනාධිපතිවරනය ජයගත හැකි අපේක්ශකයෙක් දැනටමත් සුදානමි බව පැවසීය.  අපේම නායකයෙක් ජනාධිපතිධූරයට පත් කිරීමටයි අපි සැළසුම් කර ඇත්තේ. පසුගිය කාලයේ ජාතික ආණ්ඩුවක් හැදුවත් ජනතාවට ඇතැම්විට නිසි සේවාවක් ඉටු නොකළ බවට චෝදනා එල්ල වනවා. ඒ නිසා තමයි අපේම නායකයෙක් පත් කර ඔබලාට සේවයක් ඉටු කිරිමට සැළසුම් කර ඇත්තේ. ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය ද ජයගැනීමට අපි සැළසුම් සකස් කර තිබෙනවා. එම මැතිවරණය ජයගැනීමෙන් වසර 2025 දක්වා රාජ්‍ය පාලනය කිරීමටයි අපි බලාපොරොත්තු වන්නේ.”




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: