Wednesday, January 9, 2019

කිලිනොච්චිය දී පාරම්පරික තිරික්කල් තරඟයක්

SHARE

කිලිනොච්චිය පූනකරි ප්‍රදේශයේදී හින්දු ජනතාව සිදුකරනු ලබන පාරම්පරික තිරික්කල් තරඟයක් ඊයේ 19
දින පවත්වනු ලැබීය.
දමිළ ජනතාව ගොවිතැන් නිමා කිරීමෙන් අනතුරුව සිය විවේක කාලය ගත කිරීම වෙනුවෙන් පාරම්පරික තිරික්කල් තරඟ පැවැත්වීම සිදුකරනු ලබයි.
පූනකරී නල්ලූරි ප්‍රදේශයේ තිරික්කල් තරඟ සංවිධානය කරන සමිතිය විසින් තරඟය සංවිධානය කොට තිබිණි.
යාපනය කිලිනොච්චිය මන්නාරම මුලතිව් දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරඟකරුවන් 70 දෙනෙකු පමණ තරඟය වෙනුවෙන් එක්ව සිටියහ.
යුද්ධයෙන් අනතුරුව ජනතාව තමන්ගේ පාරම්පරික ක්‍රීඩාවන් වෙත යෙමුවීම මේ වන විට කිලිනොච්චියේ සුලබ දසුනක් වී තිබේ.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: