Monday, January 7, 2019

සුරක්‍ෂා රක්‍ෂණයෙන් ස්වභාවිකව මියයන දෙමාපියන් වෙනුවෙන්ද වන්දි

SHARE
Loading...

පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කි‍්‍රයාත්මක කරන සුරක්‍ෂා රක්‍ෂණාවරණය යටතේ මෙම වසරේ සිට ස්වභාවිකව මරණයට පත් වන දෙමවුපියන් වෙනුවෙන් ද රුපියල් ලක්‍ෂයක රක්‍ෂණාවරණයක් පිරිනැමේ.
පසුගිය වසරේදී දෙමවුපියන් වෙනුවෙන් වන්දි පිරිනැමුණේ හදිසි අනතුරකින් සිදුවන මරණයකදී පමණි. දෙමවුපියන්ගේ ස්වභාවික මරණයකදී ද වන්දි පිරිනැමීමට වත්මන් සමාගම එකඟ වූ බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ‘දිවයින’ට පැවසීය.
තවද රෝහල්ගත වීමකදී මෙතෙක් දිනකට ලබා දුන් රුපියල් දහසක මුදල රුපියල් තුන්දහස දක්වා වැඩි කිරීමට ද සමාගම එකඟ වී තිබේ. මීට අමතරව තවත් ප‍්‍රතිලාභ රැසක් දරුවන්ට හිමි වන බවද ඇමැතිවරයා කීවේය.
පසුගිය වසරේදී සුරක්‍ෂා රක්‍ෂණ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළේ ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව ය. එහෙත් මෙවර අමාත්‍යාංශය කළ ටෙන්ඩර් කැඳවීම අනුව පෞද්ගලික ආයතනයකට රක්‍ෂණ ව්‍යාපෘතිය හිමි විය.
-නිලන්ත මදුරාවල
-දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: