Tuesday, January 15, 2019

කාලගුණ අනාවැකිය -ජනවාරි 16 බදාදා

SHARE
---------------------------------
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති කාලගුණ තත්ත්වය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2019 ජනවාරි මස 16 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
---------------------------------

දිවයින හරහා (විශේෂයෙන් නැගෙනහිර, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවලත්) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි දින කිහිපයේදී (අද රාත්‍රියේ සිට) තරමක් දුරට වැඩිවන ලකුණු ඇත.

ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


ඌව පළාතේත් මඩකළපුව සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

වයඹ, නැගෙනහිරසහ බස්නාහිර පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

---------------------------------
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2019 ජනවාරි මස 16 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
----------------------------------
දිවයිනට බස්නාහිර, වයඹ, නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි දින කිහිපයේදී (අද රාත්‍රියේ සිට) තරමක් දුරට වැඩිවන ලකුණු ඇත.

හම්බන්තොට සිට මඩකළපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් මුහුදු ප්‍රදේශවල වලට තද වැසි ද ඇතිවිය හැක.

කළුතර සිට ගාල්ල හරහාමාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ

හම්බන්තොට සිට මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

----------------------------------
ඉදිරි පැය 36 සදහා කාලගුණ අනාවැකිය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2019 ජනවාරි මස 15 දින සවස 1600 ට නිකුත් කරන ලදි.
----------------------------------

දිවයින හරහා (විශේෂයෙන් නැගෙනහිර, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවලත්) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය ඉදිරි දින කිහිපයේදී (හෙට රාත්‍රියේ සිට ) තරමක් දුරට වැඩිවන ලකුණු ඇත.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලතැනින් තැන සවස 2.00 න්පමණපසුවවැසිහෝගිගුරුම්සහිතවැසිඇති වේ.

වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත්විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: