Friday, December 14, 2018

රවිට සාධාරණය ඉටු වෙයි : එජාපය කැබිනෙට්ටුව නම් කරයි

SHARE

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැතීත්වයෙන් යුතු නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානායක මහතා අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. එපමණක් නොව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව පක්ෂයේ විශාල පිරිසකගේ ඉල්ලීමට අනුව රවී කරුණානායක මහතාට නියෝජ්‍ය නායකධුරයට පත් කරනු ඇතැයි නව ආරංචි මාර්ග සදහන් කරයි.

මේ පිළිබද පසුගියදා මව්බිම පුවත්පතද ප්‍රධාන පුවතක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලිඛිතව රවී කරුණානායක මහතාට මුදල් ඇමතිධුරය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකධුරය සම්බන්ධව ලිපියක් ලබා දුන් බව සදහන් කර තිබිණි.

ඒ සදහා වන යෝජනාව දැනටමත් ජනාධිපති කාර්යාලය වෙත ලැබී තිබේ.

එමෙන්ම මංගල සමරවීර මහතා කලින් දරන ලද විදේශ ඇමැති ධූරයේ යළිත් දිවුරුම් දීමේ ඉඩක් ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී. කලකිරීමෙන් සිටි එජාප මන්ත්‍රීන් රැසකට අමාත්‍යධුර හිමි වන බවට දැනගන්නට ලැබී ඇත. පසුගියදා පිල් මාරුවක් කරනු ලැබූ විජේදාස රාජපක්ෂ මහතා මලික් සමරවික්‍රම කරු ජයසුරිය සහ දයා ගමගේ මහතාට දැනුම් දී ඇත්තේ තමාට අධිකරණ අමාත්‍යධුරය ලබා දෙන්නේ නම් තමාද අලුතින් පිහිටවන ආණ්ඩුවට සහය ලබා දෙන බවය. එහිදී තිදෙනාගේම අදහස වී ඇත්තේ ඒ පිළිබද නායකත්වය සමග සාකච්චා කරන බවය.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදීම ප‍්‍රබල ඇමති ධුර කිහිපයක්ද දිවුරුම් දෙනු ඇති බවද සදහන්ය.

33,067 Viewers


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: