Saturday, December 15, 2018

'රට හදන්න නම් ජාතිකවාදී නායකයෙක් රටට අවශ්‍යයි,ගෝඨා ගේන්න මෛත්‍රී එකඟ වෙයි.'

SHARE
Loading...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්ව තරග කිරීමටත්, අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමටත් තීරණය කර තිබෙන බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා දේශපාලනයට පැමිණ ජනපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට කලක පටන් සමාජයේ සංවාදයක් ඇතිව තිබෙනා අතර රටේ තරුණ ප්‍රජාව ඒ අතර ප්‍රධාන වේ. කෙසේවෙතත් තමන් දේශපාලනයට පැමිණෙනවා හෝ නැතිදැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා තවමත් ප්‍රකාශ කර නැත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළග ජනපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා පළව තිබුණ ද පසුගිය බ්‍රහස්පතින්දා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ යළි බලයට පැමිණීමට තමන්ගේ අදහසක් නොමැති බවයි. නියමිත නිල කාළය තුල ජනාධිපති ධූරයේ රැඳී සිටින බවත්, එම කාළය තුල එජාප විරෝධි ස්වදේශීක නායකයෙක් ගොඩ නැගීමට මූලිකත්වය දෙන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පොදු වැඩපිළිවෙළක් යටතේ වැඩ කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: