Tuesday, December 11, 2018

මහින්දගේ අගමැති වැඩ තහනම හා ඇමති මණ්ඩල තහනම 2019 ජනවාරි 16 තෙක් දීර්ඝ කෙරේ

SHARE
https://www.gossiplankanews.com/2018/12/2019-16-mahinda-continues.html
ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට
ක්වෝවොරොන්ටෝ

රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද (12) යළි අභියාචනාධිකරණයේදි විභාගයට ගත් අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර තීරණය කලේ  මෙම තහනම තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ලබන 2019 වසරේ ජනවාරි 16 තෙක් තහනම දීර්ඝ කරන බවත්ය.
මෙම තහනමට එරෙහි මහින්ද මීට පෙර යොමු කළ අභියාචනය භාරගැනීමද අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කර තිබේ.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකසිය විසි දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මේ අනුව ශ්‍රී ලංකාව ඇමතිවරු අගමැතිවරු නැතිව දිගටම අස්තාවර තත්වයක පවතී.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: