Saturday, May 15, 2021

කොරෝනා අස්සේ සංචරණ කඩාගෙන රිවර්සටන් ගිය ඇමති දියණිය කූඩැල්ලන් කා රෝහලේ

SHARE

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබියදී ඇමතිවරයෙක්ගේ දියණියක් මාතලේ රිවර්ස්ටන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සති අන්ත නිවාඩුව ගත කිරීමට ගොස් සිටියදී සිදු කූඩැල්ලන් කෑමෙන් තුවාල වී රෝහල්ගත වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.
ඇමති දියණිය සමග ඇගේ මිතුරු මිතුරියන් පිරිසක්ද මෙම ගමන සදහා එක්ව ඇතැයිද වාර්තාවේ සදහන්ය.

තුවාල ලැබූ ඇමති දියණිය කූඩැල්ලන් කෑම නිසා රෝහල් ගතකර ඇත්තේ ඇමතිවරයාගේ ප්‍රභූ ආරක්ෂකයින් විසින් බවත් එම ඇමැතිවරයා ව්‍යඹ පලාත නියෝජනය කරන ඇමතිවරයෙකු බවත් තවදුරටත් සදහන්ය.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: