Thursday, January 21, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
එම ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නය.

මේ අතර එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු පසුගිය 4වනදා සිදුකරන ලද PCR පරීක්ෂණයක් අනුව මොයින් අලී කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වුණි.

එසේම ඔහු ආසාදිත වී තිබුණේ මේ වනවිට එංගලන්තයේ පැතිරයන කොරෝනා වෛරස ප්‍රභේදයෙන් බවද සෞඛ්‍ය බලධාරීන් පැවසීය.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: