Sunday, March 22, 2020

ස්ථීරවම විවාහය සිදු වෙනවාද? කේන්දරයෙන් දැනගන්න හැටි මෙන්න

SHARE
සහකරු කොයි විදියේ අයෙක්ද? ඔහුගේ රැකියාව කුමක්ද?
කේන්දරයෙන් දැනගන්නේ මෙහෙමයි

‘‘මගේ අක්කා ඒ කාලේ හරියට කේන්දරය බැලෙව්වා. විවාහ වෙනවා කියූ ඔක්කෝම කාලයන් පහු වුණා. අක්කට ඒ කාලවලදී කොච්චරවත් විවාහ යෝජනා නම් ආවා. නමුත් ඒවා එකක් වත් හරි ගියේ නෑ. ඉවසන්න බැරි තැන අක්කා කේන්දරය පුච්චලා දැම්මා. දැන් අක්කට කේන්දරයක් නෑ. එයා විවාහ වෙන්නෙත් නැතිලූ. මට හරියට මේ ගැන හිතට දුකයි.’’

එක් නංගී කෙනෙක් තම අක්කා ගැන පැවසූ විස්තරයයි ඒ. මම ඇයට කරුණු පැහැදිලි කරදී ඇගේ අක්කාගේ උපන් වේලාව අසා ගෙන කේන්දරයක් සෑදුවෙමි. පළමුව ඇයගේ ග‍්‍රහ චාරය බලා ස්ථිරවම ඇයට විවාහයක් සිදු වේද? නැති නම් සදාකාලිකව අවිවාහකව සිටීද? යනුවෙන් බැලීමි. ඇයට ස්ථිරවම විවාහයක් සිදුවන බව තීරණය කර ගත හැකි විය. ඊට පසු එම විවාහය සිදු වනුයේ කවදාද? සහකරු කොයි විදියේ අයෙක්ද? ඔහුගේ රැුකියාව කුමක්ද? ගෙදර දොර ස්වරූපය කෙසේද? පවුලේ තත්ත්වය කුමක්ද? ධනය හා ඉගෙනීම කෙබඳුද? ආදී සෑම තොරතුරක්ම පරීක්ෂණයට ලක් කළෙමි.

ඇය ඉපදී ඇත්තේ 1948-10-20 වැනි දින කන්‍යා

ලග්නයෙන් හා කටක නවාංශකයෙනි. එම වේලාවට බෙරණ නැකතේ සිවුවන පාදය හිමි වූ අතර උපතේ සිට ඉදිරියට වර්ෂ 02 යි. මාස 05 යි දින 29 ක් සිකුරු මහ දශාව පැවතිණි.

කන්‍යා ලග්නයේ හා කටක නවාංශකයේ ග‍්‍රහචාරය මෙසේය.

දෙවැන්න හා දොළොස්වැන්න අතර පරිවර්තන අතර පරිවර්තන යෝගයයි. හත අධිපතියා විසිදෙවන දෙර්කාණාධිපතියා වී ඇත. මෙම කරුණු ද සැලකිල්ලට ගෙන ඇයගේ යුග දිවිය පිළිබඳ පරීක්ෂා කළෙමි.

මෙහි ග‍්‍රහචාරය නිවැරදි දැයි තේරුම් ගැනීමට අතීත සිදුවීම් කීපයක් හා පොදු තොරතුරු සමහරක් විමසීමි. තත් ග‍්‍රහචාරයට අනුව ඇයගේ පියා ඇය බාල කාලයේදීම මිය යා යුතුය. ඇයත් සමඟ සහෝදර සහෝදරියන් පස් දෙනෙක් සිටිය යුතු අතර මවගේ පළමු විවාහයට අයත් වනුයේ ඇය හා තවත් එක් අයෙකි. ඒ අය සහෝදරියක් විය යුතුය. ඇය ළඟටම බාල සහෝදරියක් ඉපදීමට හේතු ඇත්තේ තුන්වැන්නේ සිටින කුජ සහෝදරයකුගේ ඉපදීමට බාධා කරන බැවිනි. මවගේ දෙවන විවාහයෙන් තවත් සහෝදර සහෝදරියන් තිදෙනෙක් සිටිය යුතුය. මෙවැනි නිගමනයකට එළැඹියේ නවය අධිපති සිකුරු දොළොස් වැන්නේ සෙනසුරු සමඟ සිටීමෙන් පියාට මාරක අපල උදා කරන බැවිනි. දශා විදශාවන් අනුව පියා ඇය කුඩා කාලයේදීම මිය යා යුතුය. සිවුවැන්නේ ගුරු විසිදෙවන දෙර්කාණාධිපතියා වී සිටීමත්, සඳු හා රාහු අට වැන්නේ සිටීමත් හේතුකොට ගෙන මවට විවාහ දෙකක් සිදුවී ඇති බවත්, දෙවන විවාහයෙන් දරුවන් තිදෙනෙක් ඇති බවත් තීරණය කළ හැකි විය.

මෙම කරුණු සියල්ල නිවැරදි බව ඇය පිළිගත් පසු ඇගේ අක්කාගේ පෞද්ගලික තොරතුරු රැුසක් ද පැහැදිලි කර දී කේන්දරය බැලූ (1978* දිනය තෙක් අතීත සිදුවීම් ප‍්‍රධාන වශයෙන් පැවසිමි.

මෙයින් පසු ඇයගේ විවාහ ජීවිතය පිළිබඳවත්, සහකරුගේ තොරතුරුත් විස්තර කළෙමි.

ඇයගේ ග‍්‍රහචාරයට අනුව ස්ථිරවම විවාහයක් සිදුවන බවත්, සහකරු උත්සව අවස්ථාවකදී හෝ වන්දනා

ගමනදී මුණගැසෙන බවත්, ඔහු ඇගේ ගෙදරටම පැමිණ ඔහු විසින්්ම යෝජනාව ඉදිරිපත් කර නොබෝ දිනකින්ම විවාහය සිදුවන බවත්, එම වර්ෂයේ (1978* සැප්තැම්බර් 4-7 අතර දිනකදී විවාහය සිදුවන බවත් පැවසීමි.

ඔහු කෙබදු අයෙක් දැයි නැඟූ ප‍්‍රශ්නයට අනුව ඔහුගේ සියලූම විස්තර ද පැවසීමි. ‘විවාහයට කේන්දරය බලපාන හැටි’ හා ‘ඔබේ විවාහය ජ්‍යොතිෂ ඇසින්’ යන ග‍්‍රන්ථවල ඇති පරිදි ඇයගේ සහකරු ගැන තොරතුරු පරීක්ෂා කරන ලද්දේ සත්වැන්නේ කිසිම ග‍්‍රහයෙක් නොසිටි බැවින් හත අධිපති ගුරු සිටිය සිවුවැන්නේ සිටය. හත්වැන්නේ කවර හෝ ග‍්‍රහයෙක් සිටියේ නම් හත්වැන්නේ සිට බැලිය යුතු බව එහි ඇත. මේ අනුව ඔහු සිහින් සිරුරක් ඇති කඩවසම් පෙනුමෙන් යුත් අයෙකි. ඔහු උසස් ගතිගුණවලින් යුක්තය. මුහුණ රවුම් ස්වරූපයක් දරන අතර දත් තරමක් විකෘති වී තිබිය යුතුය.

උසස් අධ්‍යාපනයක් ලබා තිබීමට ද හේතුයි. මුදල් ඉපයීමේ මාර්ග කීපයක් ඇති නමුත් ස්ථිර රැුකියාවක් ලැබෙනුයේ විවාහයෙන් පසුවය. ඔහුගේ දෙමාපියන් තරමක් දියුණු වී ඇති අය නමුත් සියලූ ඥාතීන්ගෙන් ඈත් වී ජීවත් වන්නෙක් හෝ ඥාතීන් කෙරෙහි කිසිම සැලකිල්ලක් නොදක්වන්නෙක් හෝ විය යුතුය. පියා වෛද්‍යවරයෙක් වීමට ද පුළුවන. ඔහුගේ සියලූ සහෝදර සහෝදරියන් සංඛ්‍යාව අට දෙනෙක් නමුත් ජීවතුන් අතර ඇත්තේ ඔහුත් සමඟ පස්දෙනෙකි. අධ්‍යාපනයේ තරමට තවම සුදුසු රැුකියාවක් ලැබී නැත. රැුකියාව ලැබීමට පෙර විවාහය සිදුවනු ඇත.

මෙම විස්තරය සටහන් කරගෙන ගොස් ඇගේ අක්කාට එය දෙන ලදී. පසු දිනෙක දෙදෙනාම පැමිණ කීවේ. ගිය වෙසක් පෝයට (1978* කැලණි විහාරය වැඳීමට ගිය වෙලාවේ තරුණ හාදයෙක් අක්කා කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා කතා කළ බවත්, නිවස දැන ගෙන ගෙදරටම පැමිණ යෝජනා කළ බවත් එය සුදුසු දැයි දැන ගැනීමට පැමිණි බවත්ය.

ඔහුගේ කේන්දරය ගෙන්වාගෙන තොරතුරු පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ස්ථිරවම මේ දෙදෙනා අතර විවාහය සිදුවන බවය. පසුව එය එසේම සිදුවිය.

මෙම ක‍්‍රමය දැනගෙන තිබීම අවිවාහක තරුණ තරුණියන්ට ඉතාම ප‍්‍රයෝජනවත්ය. ස්ථිරවම තමාගේ විවාහය සිදුවන කාලයත්, සහකරුගේ හෝ සහකාරියගේ සියලූ විස්තරත් දැනගත හැකිය. විසි පොරොන්දම් නොගැලපුණත් තම කේන්දරයෙන් කියැවෙන තොරතුරු හා විස්තර ඔහු හෝ ඇය සතු නම් ඔබට දෛවයෙන් හිමි සහකරු හෝ සහකාරිය ඒ අය වනු ඇත.

මීට පෙර ඔබට කොතෙකුත් පොරොන්දම් ගැලපුන අය හමුවී ඇතත් ඒවා සිදු නොවී තිබීමට පුළුවන. එයට හේතුව ඔබට දෛවයෙන් හිමි සහකරු හෝ සහකාරිය ඔහු හෝ ඇය නොවීමයි.

ජ්‍යොතිෂ්‍යාචාර්ය,
රද්දොළුගම
ජේ. ඒ. ඇස්. ජයකොඩි



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: