Friday, January 11, 2019

වෙනස්ම ගීතයකින් රැල්ලට ආපු තරිඳු පෙරේරා කියන කතාව - VIDEO ‍| Tharindu Perera

SHARE
වෙනස්ම ගීතයකින් රැල්ලට
ආපු තරිඳු පෙරේරා.

හොදම මිතුරිය අංජලී මට ‌ගොඩක් උදවු කරා....  - වීඩියෝ

රැල්ලට යන ගීත කලාව අතුරින් වෙනස්ම ගීතයකින් මේ දිනවල ප්‍රේක්ෂක දෙසවන් තුල රැදුණු ඔහුත් සමගයි අද අපේ chat එක. ඔහු තරිඳු පෙරේරා.

ඉතිං තරිඳු කොහොමද ජීවිතේ?
ගොඩක් හොදින් සතුටෙන් ඉන්නවා.


තරිඳු ලංකාවට ඇවිත් වැඩි දවසකුත් නෑනේ.ඉතිං අපි එහෙදි වෙච්ච දේවල් ගැන මතක්කරනවනම්
එහෙදි වෙච්ච දේවල් වලට වඩා මම කැමති ලංකාවේ වෙන දේවල් ගැන කතා කරන්න.මොකද මගේ ජිවිතේ ගොඩක් සතුටෙන් ඉන්න කාලයක් තමයි මේ දැන් ගෙවෙන්නේ..


තරිඳුගේ ජීවිතේ කොටසක් තමයි මියුසික් කියන්නේ.ඉතිං මියුසික් වල ආරම්භය ගැන කතාකරනවානම්
ඇත්තටම කොටසක් නෙමෙයි.ජිවිතේම මියුසික්.ආරම්භයේ ඉඳලා කියනවානම් ගොඩක් දේවල් තියනවා.මුලින්ම රත්මලාන "star flowers" බෑන්ඩ් එක තමයි මගේ සංගීත ජිවිතේ ආරම්භය.එතකොට මම ඉස්කෝලේ යනවා.ඒ බැන්ඩ් එකේ ප්ලේ කරනවා දැක්කා වොල්ටන් ප්‍රනාන්දු මහතා ගේ පුතා ,සුපුන් අයියා මාව සමන් ද සිල්වා මහත්මයාට හදුන්වා දුන්නා.ඊට පස්සේ සමන් ද සිල්වා මහතා ගේ "සියැක්", හා "සමන් ඇන්ඩ් ද ක්ලැඩ්" සංගීත කණ්ඩායමවල මුලින්ම ඩ්‍රම්ස් වාදක ශිල්පියා විදහටත් ඊට පස්සේ ඔක්ටපැඩ්ස් වාදන ශිල්පියා ලෙසත් කාලයක් කටයුතුකලා.සියැක් සංගීත කණ්ඩායමේ කි-බොර්ඩ් වාදක ශිල්පි DR අයියා ඩුබායි වලට එන්න කිව්වා සංගීත කණ්ඩායමක් හදන්න.ඒ තමයි මුලු ලංකාවම ආදරේ කරන සිටික්‍රික්(city creek) සංගීත කණ්ඩායම.ලොකු කාලයක් ලංකාවෙන් එලියේ ඉඳලා නැවත ලංකාවට ඇවිල්ලා මුලින්ම කලේ නැවතිලා තිබුන අපේ සිටි ක්‍රික් සංගීත කණ්ඩායම D R අයියා ගේ මුලිකත්වයන් නැවත අාරම්භ කලා. ඕක තමයි ආරම්භයේ සිට මේ වෙනකම් විස්තර.

සංසාලියේ'කියන්නේ වෙනස්ම ආරකට යන ගීතයක් කිව්වොත් නිවරදියි.ඒ ගැන කියනවානම්
ඔව් මේ කාලේ නිතරම ඇහෙන සිංදු වලට වඩා ටිකක් වෙනසක් කරන්න හිතුනා.රැල්ලටම නොගිහින් දැනට ඕඩියෝ රිලිස් එක තමයි මම කලේ නමුත් හිතුවට වඩා සංසාලිට අද වෙනකොට ප්‍රතිචාර තියනවා.ගොඩක් අයගෙන් සිංදුව අහලා මට ඒ ගැන හොඳ ප්‍රතිචාර ලැාබනවා.මම මුලින්ම කලේ මගේ සිංදු ව මගේ රසිකයන්ට නිදහසේ අහන්න දුන්නඑක.ඒක සාර්ථකයි කියලා දැනෙනවා මේ ලැබෙන ප්‍රතිචාර එක්ක.තව ටික දවසකින් වෙනස් රූප රචනයක් එක්ක සංසාලි බලන්න පුළුවන් ඔයාලට.


සංසාලියට ලැබුණු ප්‍රතිචාරත් එක්ක බලනකොට ඒ පිටිපස්සේ ලොකු පිරිසක් ඇති.ඒ ගැනත් මතක්කරමු.

ඇත්තටම මම ලංකාවට ඇවිල්ලා ටික දවසකින් අලුත් සිංදුවක් කරන්න ඕනි කියන අදහස මම තරිඳු සිල්වාට කිව්වා.දවසක් තරිඳු මල්ලි මාව හොයාගෙන අාවා එයා ලියපු සිංදු පොතක්ම අරගෙන.අපි එකතු වෙලා ඒ සිංදු අතරින් තෝරාගත්ත සිංදුව තමයි "සංසාලි" .තරිඳු සිල්වා කියන්නේ ඇත්තටම දක්ෂයෙක්..ඒවගේම සංසාලියේ සිංදුවේ සංගීතය ගැන කියනවා නම් ඒකට උපරිම සාධාරණයක් ප්‍රගීත් පෙරේරා මල්ලි කරලා තිබුනා.අැත්තටම ප්‍රගීත් කියන්නේ නව පරපුරේ හොඳ දක්ෂ සංගිත අධ්‍යක්ෂකවරයෙක් .සංසාලියේ කියන්නේ ඇත්තටම අපි තුන් දෙනාගේ එකතු වක්.විශේෂයෙන් කියන්න ඕනි අපි තුන් දෙනාම එකම පාසලේ ඒ කියන්නේ වේල්ස්කුමාරුවො. ජනවාරි පලවෙනිද මගේ අලුත්ම සිංදුව සංසාලියේ රිලිස් කරේ සරස්වති පුජාවක් කරලා.ඒ වගේම මට ආදරේ කරන මගේ ලඟින්ම ඉන්න හැමෝගේම ආශිර්වාදයත් එක්ක.ඉතින් අද වෙනකම් මගෙ ලඟින් ඉඳලා මට වචනයකින් හරි උදව් කරන හැමොටම ස්තුතියි.විශේෂයෙන් සිටික්‍රික් සංගීත කණ්ඩායමේ මගේ සහෝදරයෝ ටිකට,ඒ වගේම මගේ අංජලිට හා මගේ අක්කාට මගේ මල්ලි යහන්ටත්,තරිඳු සිල්වා ,ප්‍රගීත් පෙරේරා, කසුන් සහා නිරැක්ශාන් යන මල්ලිලාට.

ඉතිං තරිඳුගේ අනාගත බලාපොරොත්තු මොනවාද?
අනාගතේ බලාපොරොත්තුනම් මේ අලුත් අවුරුද්දේ ගොඩක් තියනවා.ඒ අතරින් මගේ සංගීත වැඩකටයුතු සහ තව අලුත් ගීත නිර්මාණ කීපයක් කරන්න හිතාගෙන ඉන්නවා.ඒගෙම ටිකක් කාර්යබහුල අවුරුද්දක් වෙයි.මොකද city creek සංගීත කණ්ඩායම භාරගත් ලංකාවේ වගේම පිටරටක ප්‍රසංග තියෙනවා.ඉතින් ඒවාත් එක්ක තමයි මේ අවුරුද්ද ගෙවෙන්නේ.


ඒත් එක්කම ආදරේ ගැනත් නොහාම බෑ කියලා මට හිතුණා.තරිඳු ආදරේ දකින්නේ කොහොමද?

ආදරේ ඉතිං සුන්දර වැරද්දක් තමයි.

8)තරිඳුගේ ආදරේ ගැන කියනවානම්
මගේ ආදරේ මට ලැබිලා තියන ආදරේ එක්ක මම ගොඩක් සතුටෙන් ජීවත් වෙනවා.


ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි තරිඳු ආයෙමත් ලංකාවෙන් යනවද කියන එක?

අනිවාර්යයෙන් මම නැවතයයි.නවතින්නම නෙමෙයි,පැරිස් වල tv program එකක වැඩ වගයකට.සැරින්සැරේ මට යන්න වෙයි. නමුත් ලංකාව දාලා නවතින්න යන්නේ නෑ.මොකද ලංකාව කොච්චර හොඳයි ද කියලා දැනුනේ ලංකාවෙන් පිට අවුරුදු ගානක් ජීවත් වෙද්දියි.

අවසාන වශයෙන් තරිඳු අනාගතේදි මියුසික් ෆීල්ඩ් එකට එන්න ඉන්න නවකයන්ට දෙන පණිවිඩය මොකක්ද ?
අැත්තටම ගොඩක් දක්ෂයෝ ඉන්නවා.හැබැයි.ඒ අතර තමන් ඉන්නේ කෙහෙද, කරන්නේ මොනවද කියන්නේ,මොනවද කියලාවත් තේරුම් නොගෙන,සංගීතය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති මොනගල් චරිතත් ඉන්නවා.ඉතින් කියන්න තියෙන්නේ අපි හරි දේ හරි විදිහට කරනවානම්.ඒක ප්‍රෙක්ෂකයෝ පිලිගන්නවා.අපි කරන නිර්මාණයක් ගුණාත්මක නිර්මාණයක් වුනොත් ඒකට ප්‍රෙක්ෂකයෝ අාදරේ කරනවා.කොයිතරම් කල් ගියත් අමතක වෙන්නෙ නෑ.ඒකයි
ඉස්සර අපි අහපු සිංදු ,ඒ ගායක ගායිකාවන්ගේ නම් සහ ඔවුන්ගේ රූපයත් එක්ම අපේ හිත්වල රැදිලා තියෙන්නේ.ඒ වගෙම දැනටත් අහන්නේ.


කවී - ‌ගොසිප්99



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: