Friday, January 11, 2019

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත්.

SHARE
Loading...
එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බවට එ.ජා.ප.යේ මන්ත්‍රිවරුන් බහුතරයක් ඉදිරිපත් කර ඇති යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන ඇතැයි එ.ජා.ප. ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක්  පැවැසුවේය.
එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට එ.ජා.ප. මන්ත්‍රිවරු බහුතරයක් මෙන්ම එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද ඉදිරිපත් කර ඇති යෝජනාවට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ලබන සතියේදී සිරිකොත එ.ජා.ප. මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එ.ජා.ප. ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බලයේ සිටි අවසන් කාලපරිච්ඡේදයේදී ඔහුගෙන් පසුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු අපේක්‍ෂකයා කවුරුන්දැයි යන්න පිළිබඳව එ.ජා.ප. මන්ත්‍රිවරුන්ගෙන් විමසූ ආකාරයට මෙවර ද එ.ජා.ප. ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන් ද යන්න ගැන එකඟත්වයක් ලබා ගැනීමට ද මේ යෝජනාව අගමැතිවරයා විසින් කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි ද එම එ.ජා.ප. ජේ‍යෂ්ඨ ඇමැතිවරයා සඳහන් කළේය.
-මව්බිම



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: