Friday, January 11, 2019

කඳවුරු බැැදපු උසන්ගොඩ වෙරළේ සුපිරි පාටිය

SHARE
අම්බලන්තොට උසන්ගොඩ මුහුදු වෙරළ තීරය සංචාරකයින්ගෙන් පිරී පවතී. සංචාරකයින් දෙදහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් උසන්ගොඩ වෙරළ තීරය හා ඒ අවට ප්‍රදේශයේ සංචාරක කඳවුරක් ආරම්භ කර තිබේ.

මෙම සංචාරක කඳවුර දින දහයක් මෙම ස්ථානයේ පැවැත්වේ. සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක කඳවුර සංවිධානය කරනු ලබන විදේශිය පෞද්ගලික සමාගමක් මගින් මෙම කඳවුර සංවිධානය කර තිබේ.

මෙම ස්ථානයට පැමිනෙන සංචාරකයින්ට නවාතැන් පහසුකම් හා ගමනා සේවා සඳහා එම ප්‍රදේශයේ ම පෞද්ගලික නිවාස රැසක් ලබා ගෙන තිබෙන අතර යතුරු පැදි හා ත්‍රීරෝද රථ සංචාරකයින්ගේ ගමන් පහසුව සඳහා යොදාගෙන තිබේ.

උසන්ගොඩ වෙරළ තීරයට සමගාමීව හා වැලිපටන් විල ධීවර වරාය ආසන්නයේ මෙම කඳවුර පවත්වාගෙන යෑම සිදු කෙරේ. මෙම කඳවුරු භූමියට මෙරට කිසිවෙකුට ඇතුල් වීමට අවසර ලබා නොදේ. පෞද්ගලික ආරක්ෂක සේවාවක් කඳවුර අවට යොදවා ඇති අතර පොලීසිය හා වීශේෂ කාර්ය බලකායේ නිළධාරින් රාත්රීක කාලයේ මෙම ස්ථානයේ ආරක්ෂාවට යොදවා ඇත.

කඳවුර තුල අධික ශබ්ධයෙන් සංගීත ය වාදනය වන අතර පැමිණි සංචාරකයින් කඳවුර තුල මත්පැන් පානය කරමින් සංගීතයට නැටුම් නැටීම සිදු කෙරේ. දිවාකල මෙන්ම රාත්‍රී කාලයේ ද එක ලෙස මෙම පිරිස් විනෝදවන අතර වෙරලේ නිදහසේ කල් ගතකිරීමද සිදු කෙරේ.

පැමිනෙන සංචාරකයින්ට විවිධ දේ අලවි කිරීම සඳහා වැලිපටන්විල ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් කුඩා අලවිසැල් පිහිටුවා වෙළඳාම් කිරීම ද සිදු කරති. උසන්ගොඩ වෙරළ තීරයට මෙවන් විශාල සංචාරකයින් පිරිසක් කිසිදාක නොපැමිණි හෙයින් ඇතැම් අයට මෙම අයගේ හැසීරීම් පවා ගැටළුක් වී ඇති බව ඇතැම්හු පවසති. මෙරටට විශාල විදේශිය ආයෝජනයක් මෙම සංචාරක කඳවුර මගින් ලැබෙන බව කඳවුර සංවිධානය කරනු ලබන සංවිධායකයෝ පවසති.






SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: