Wednesday, December 12, 2018

රනිල් අගමැති කරන්න - සජිත් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

SHARE
https://www.gossiplankanews.com/2018/12/ranil-confidence.html#more
2.30 pm update
ද පාර්ලිමේන්තු රැස්වීම දහවල් ආරම්භවූයේ රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් ගෙන එමින්ය. යෝජනාව ගෙන ආවේ එජාපයේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා වන අතර ස්ථිර කලේ මංගල සමරවීර මන්ත්‍රීවරයාය.
ඉන්පසු ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් හා ජවිපෙ නායක අනුර කුමාරගෙන්
මේ සම්බන්ධව අදහස් පළ විය.
සජිත් ප්‍රේමදාස සඳහන් කළේ මේ වනවිට අස්ථාවරව පවතින රට යළි සකස් කරන්නට වහාම ජනපතිවරයා පියවරක් ගත යුතු බවයි. මේ සඳහා රනිල් අගමැතිවරයා ලෙස පත්කරන්නැයි ඔහු ඉල්ලීමක් කළේය.
මංගල සමරවීර මහතා කියා සිටියේ රජය කරගෙන ආ වැඩසටහන් සියල්ල දැන් අවුල්වී ඇති බව හා ඉදිරි වසර සැලසුම් කිරීමට පාර්ලිමේන්තු කටයුතු විධිමත් කිරීම කළ යුතු බවයි.

ජනපතිවරයා අද සවසම අගමැති ලෙස රනිල් පත්කරනු ඇතැයි විහ්වාස කරන බව ඔහු කීය. ද්‍රවිඩ සන්ධාන නියෝජිතයෙකු කතාවක් කරමින් කියා සිටියේ මින් ඉහත තමන් ඇතුළු 14 දෙනා රනිල් අගමැති කිරීමට සහය පළකරන ලිපියක්ද ජනපතිට යොමු කළ බවත් ඒ අනුව අදද සහය දෙන බවත්ය.

ජවිපෙ නායක අනුර කුමාර දන්වා සිටියේ මින් ඉහත පසුගිය අප්‍රේල් මාසයේ රනිල්ට එරෙහි විශ්වාස භංගය ගෙන ආ අවස්තාවේ දැරූ ස්තාවරය වෙනස් කරන්නට ජවිපෙට අවශ්‍යතාවක් නැති බවත් ඒදා වගේම අදත් තමන් රනිල්ගේ වැඩපිළිවෙලට විරුද්ධ බවත්ය. ඔලුගෙඩි මාරු කර රටේ ප්‍රශ්න විසඳීමෙ සරල ක්‍රමවේදයක් තම පක්ෂය විශ්වාස නොකරන බව කියා සිටි ඔහු ඔක්තෝබර් 26 මහින්ද අගමැති ධූරයට පත්වීම ගැනද විරුද්ධ බවත් ඒ කුමන්ත්‍රණයක් නිසා බවත් පැහැදිලි කළේය.

පාර්ලිමේන්තුව තවදුරටත් පැවැත්වේ - ඡන්ද විමසීම ඉදිරියේදී සිදුවනු ඇත.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: