Thursday, December 6, 2018

ජනපතිගේ ගැසට්ටුව ගැන තීන්දුව 7 නොවේ 8 වනදා - දිනකින් පමාවේ

SHARE

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  නිකුත් කළ  ගැසට් නිවේදනය
අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය
ලබා දුන්   අතුරු නියෝගය  ලබන 08 වැනිදා තෙක්  දීර්ඝ කිරීමට අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය  තීන්දු කළේය.
 මින් ඉහත මෙම දිනය ලෙස නම් කර ිතබුනේ 7වන සිකුරාදා වුවත් මෙම පෙත්සම් විභාගය 7 වනදා වන විට අවසන් කරන්නට අපහසු තත්වයක් අද වනවිට පෙනීගිය නිසා මෙසේ දීර්ඝ කර ඇත. ඒ අනුව හෙට (07) දිනයේදීද පෙත්සම්  විභාගයට ගැනීමට නියමිත වන අතර බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වූ තීන්දුව 8 වන සෙනසුරාදා ලබාදෙනු ඇත.





SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: